දෙසතියකට වරක් සවස 3 සිට 9 දක්වා ගන්නෝරුව පේරාදෙණිය මහ පාරේ විනෝද වෙන්න ජනතාවට ඉඩක්!
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට නිබඳව ලක්වන පේරාදෙණිය උද්භිත උද්‍යානය තුළ පාපැදි සංචාරයක් හදුන්වා දෙමින්, ගන්නෝරුව පේරාදෙණිය මාර්ගයේ එක් පසක විනෝදය, සන්ත්රසය, සංගීතය, ශරීර සුවතාවය,වීදි ආහාර පාන, වීදි නාට්‍ය වැනි අංග ඇතුලත්ව වෙනස් වු අත්දැකීමක් ලබා ගත හැකි පරිදි වෙන් කිරීමට මධ්‍යම පළාත් සභාව පියවර ගෙන ඇත .
නිදහසේ මාවත නමින් නම් කෙරුණු මෙම වැඩසටහන පාපැදි ධාවකයින්, ත්‍රාසජනක පාපැදි අත්දැකීම් ලබා දෙන්නන්, විදේශිකයින්, දරුවන්, මෙන්ම පවුලේ සියලුම දෙනාට නිදහසේ තම විවේක කාලය ගත කිරීම සදහාත්, නගර වාසීන්ට මෙන්ම මහනුවර සංචාරකයින් සදහා සුවිශේෂි වු අත්දැකීම් ලබාගැනීම සදහා ද අවස්ථාව සළසා දෙමින්, මහනුවර වැඩි කාලයක් ගත කිරීම සදහා වන අවස්ථාවක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇති අතර, මෙම වැඩසටහන සෑම සති දෙකකට වරක් සෙනසුරාදා දිනයන්හි පස්වරු 3 සිට පස්වරු 9 දක්වා මහනුවර ගන්නෝරුව – පේරාදෙණිය මාර්ගය පාදක කර ගනිමින් පැවැත්වීමට නියමිත ය.
මහනුවර සංචාරක ආකර්ශනීය නගරයක් ලෙසින් ප්‍රවර්ධනය කොට සංචාරකයින් වැඩි කාලයක් රදවා ගැනීමටත් ශරීර සුවතාවය වර්ධනයටත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකය සවිමත්කිරීමත් ඉලක්ක කරගනිමින් මහනුවර නිදහස් මාවත වැඩසටහන
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් රාජ්‍ය පුද්ගලික අංශයේ මෙහෙය වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ .
මෙම සමාරම්භක වැඩසටහන පසුගිය දා 04 ආරම්භ කළ අතර ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න ආණ්ඩුකාරවර ලේකම් එම්. මඩහාපොල කර්මාන්ත අමාත්‍යංශ ලේකම් උපාලි රණවක , පාපැදි සංගම් නියෝජනය කරන පිරිස් ඇතුළු පිරිසක් සහභාගී වූහ .
සරත් සමරනායක