මධ්‍යම පළාත යනු ප්‍රශ්න ගණනාවකින් මිරිකුණු සහ ඒවාට විසැදුම් නැතිව දුක් විදින ජනතාවක් සිටින පලාතක් බව අප නිරන්තරයෙන්ම පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිවිල් පාලකයන්ගේ දූෂිත ක්‍රියාවලින්ගේ සිට පහලට ප්‍රදේශයේ දූෂිත දේශපාලඥයන් සහ ඔවුන්ගේ බල්ලන් සෝදන, රෙදි සෝදන ප්‍රාදේශීය දේශපාලඥයන් නිසාම එම දූෂණ ක්‍රියාවලින් දිගින් දිගටම සිදුවෙමින් පවතී.
එවන් පලාතක ආණ්ඩුකාරවරයෙක් ලගට පැමිණිල්ලක් රැගෙන ගිය මහජන නියෝජිතවරියකගේ අතින් මිරිකීමක් පිලිබඳව පුවතක් අපට වාර්තා වන්නේ ද මහනුවර ප්‍රදේශයෙනි.
දිගන රජවැල්ල අංක 546/1 පදිංචි අබේසිංහ මුදියන්සේලාගේ පොඩිමැණිකේ අබේසිංහ මහත්මිය සහ අංක 46/1 ගෝනවල රජවැල්ල පදිංචි ඒකනායක මුදියන්සේලාගේ දීපිකා කුමාරි ඒකනායක යන මහත්වරියන් විසින් තමන්ට සිදු වූ හිංසනය පිලිබදව CIB -2-383/47 අංකය යටතේ 2023 01 04 දින මහනුවර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. එහිදී මන්තිවරියකගේ අතක් මිරිකා, රැගෙන ගිය ලිපිය පොඩිකර මන්ත්‍රීවරියගේ මුහුණට දමා ගසා තිබේ.
එහිදී ඉතාම පහත ලෙස ආණ්ඩුකාරවරයා බැන වැදී තිබෙන අතර ඔහු කරන්නේ දේශපාලනයක් බවද, මෙම පැමිණිල්ල තමන්ගේ දේශපාලන නායකයන්ට පවසන ලෙසද ඔහු පවසා තිබේ.
ආණ්ඩුකාරවරයෙකු දේශපාලනය කරන බව සහ මෙලෙස කාන්තාවන්ට හිරිහැර කිරීම ලජ්ජා සහගත කාරණයක් ලෙස ඔහුට නොදැනෙනු ඇත. නමුත් මේ රට බින්දුවටම වට්ටවා ඔවුන් රජ සැප විදින්නේ පීඩිත මිනිස්සුන්ගේ බදු මුදල් වලිනි. ඔවුන් රකින්නේද දූෂිතයන්මය. ඉතින් රටක් කෙසේ නම් ඉදිරියට යන්නේද?. මෙවැනි පහත මිනිස්සුන් රටේ ආණ්ඩුකාරවරුන් බවට පත්ව තිබෙන්නේ නම් රටකට මෙසේ වීම සාමාන්‍ය දෙයක් බව මෙම මාතාවන් දෙදෙනාම ප්‍රකාශ කරයි.
එබැවින් දැන් මහනුවර පොලීසියට නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සාක්ෂි දෙකක් තිබේ. කල යුත්තේ නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටු කිරීමය. ගොරකා දඩමස් නොකර යුතුය. අප සතුව් තිබෙන හඩපට සහ වීඩියෝ සාක්ෂිවලට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක විය යුතුය.
ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 109,112, 113 (අ), 120, 162, 203,214, 289,330, 341, 312, 346, 483,484 ආදී වගන්තීන් වලින් ඔහුට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කල හැකිය. නීතිය එයයි. එය ක්‍රියාත්මක කිරීම මහනුවර පොලිසියේ නීත්‍යානුකූල වගකීම් වේ. මෙහිදී ආණ්ඩුකාරවරයාද රටේ තිබෙන පොදු නීතියට යටත් බවත් ඔවුන්ටද විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිව පොඩි මිනිසාට පමණක් නීතිය ක්‍රියාත්මක කල යුතු බවට නීතියක් ශ්‍රී ලංකාව තුල නොමැත.
එසේම මේ පිලිබදව යම් පිළිතුරක් ලබා දෙන්නේ නම්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට පිළිතුරු ලබා දී එයද මේ ආකාරයෙන්ම ප්‍රසිද්ධ කරගත හැකිය. ඒ වෙනුවෙන් මෙහි පහත ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන ආකාරයට ස්වාභාවිකවම අවශ්‍ය ඉඩකඩ වෙන්කර තිබේ.