මහනුවර දිස්ත්‍රිකයේ වලල, ඒ රත්නායක විද්‍යාලය අතීතයේ සිට මළල ක්‍රීඩාවට ඉතා දක්ෂ දු දරුවන් බිහි කල පළාත් ,ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කල අති දක්ෂ දරුවන්ගෙන් පිරි පාසලකි.
වර්ථමානය වන විට එම පාසලෙත්, මධ්‍යම පළාතෙත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉතා ඛේදනිය මෙන්ම දුක් බර තත්වයකට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ වර්තමාන මාධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකගේ තකතීරු ක්‍රියාවලියයි. මෙම විද්‍යාලයට පුහුණු වීම් සදහා ඇත්තේ ප්‍රමිතියෙන් තොර මීටර් 200 ක ධාවන පථයක් බැවින් එය සකස් කර දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් වසර ගණනාවක සිට ඉල්ලා සිටීමේ ප්‍රථිපලයක් ලෙස මීට වසර 4 ට පමණ පෙර ක්‍රීඩා පිටිය සකස් කිරම් ආරම්භ කලද දැනට එය අතර මග නවතා දමා ඇත.
ඉහත කරුණු හේතුවෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් දිගන පළාත් ක්‍රීඩාංගනයේ පුහුණු වීම් සිදුකරගෙන යන ලද්දේ මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජගත් කීර්ති මහතාගේ පුර්ණ සහයෝගය මතය. එහිදී ක්‍රීඩා පිටියේ හා කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු නොමිළේ කර ගැනීමට අවස්ථාව දී තිබේ.
හිටපු අධ්‍යක්ෂක ජගත් කීර්ති මහතා වෙනුවට නව මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක පැමිණීමත් සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම ඛේදනිය දුක්බර වර්තමානය උදා වී තිබේ. නව අධ්‍යක්ෂක වරයා විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉහතින් සදහන්ව තිබු පහසුකම් සියල්ලසියල්ලම මුදල් ගෙවා ලබා ගන්නා ලෙස දන්වා තිබේ. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ක්‍රීඩාංගනවල ඕනෑම ප්‍රදේශයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සියල්ලම නොමිලේ ලබා ගැනීමට හැකියාව පවතී. නමුත් පළාතේ ක්‍රීඩාව දියුණු කල යුතු මධ්‍යම පළාතේ ක්‍රීඩා සංවර්ධනය උදෙසාම ස්ථාපිත කර ඇති මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පාලනය වන දිගන පළාත් ක්‍රීඩාංගනයේ තත්වය අති සෝචනීවේ.
එම ක්‍රීඩාංගනයේ පුහුණු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පුහුණු පැයකට රු 30 කුත් කායවර්ධන පුහුණුව සදහා පැයකට රු 300 කුත් ගෙවා පුහුණුවීම් කරගෙන යන ලෙස නව අධ්‍යක්ෂක වරයා විසින් දැනුම් දී තිබෙන්නේ රටේ බොහෝ රාජ්‍ය නිලදහරින් සේ ඔහුගේද මදිය තරකර ගැනීමට විය යුතුය.
නව අධ්‍යක්ෂක වරයා විසින් හදුන්ව දී ඇති මුදල් ගෙවා පුහුණු වීම් ලබාගන්නා ක්‍රමය යටතේ එක් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් අවමය මසකට රු 5000 කට අසන්න මුදලක් වැය කිරීමට සිදු වනු ඇත. දරුවන්ගේ පෝෂණ මට්ටම, ධාවන පාවහන් යුගළ, ධාවන ඇදුම් හා අනෙකුත් ධාවන උපකරණ සදහා මුදල් අපහසුවෙන් සොයා ගන්නා දරු දැරියන් හට අමතරව තවත් මුදලක් පුහුණු වීම් සදහා වැය කිරීමට සිදු වීම යනු දරු දැරියන් කබලෙන් ලිපට වැටීමය. නමුත් අධ්‍යක්ෂකවරයාට රජයෙන් විශාල වැටුපක් සහ යාන වාහන ඇතුළු සියලුම සැප සම්පත් ලැබේ.
එසේම පෙර පරිදි පුහුණුවීම් කරගෙන යාමට දරුවන් අවසර ඉල්ලන විට මෙම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ‘සමහර’ නිලදාරීන් පරුෂ වචනයෙන් පවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බැන වැදී තිබේ. නමුත් ඔවුන්ද වැටුප් ලබන්නේ බදු මුදලින් බවත්, ඔවුන්ගේ කර්තව්‍ය වන්නේ මෙම දරුවන් රටට හිතැති ලෙස නිර්මාණය කිරීමට බවත් නොදැනෙන්නට තරම් මෙම නිලධාරීන් දූෂිතව තිබේ.
එසේම මෙම ඒකාධිපති මන්ධ බුද්ධික ක්‍රීඩා අධ්‍යක්ෂකට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න හා ගැටළු ඉදිරිපත් කිරීමවත් අවස්ථාවක් ලබා දී නැත. නමුත් විනය පරීක්ෂණ ද නොතබා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයකු හට සති දෙකක පුහුණු තහනමක්ද පනවා තිබේ. මෙම තත්වය හේතු කොට ගෙන මෙම ක්‍රීඩාංගනයේ පුහුණුවන කනිෂ්ඨ, ජාතික, ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මළල ක්‍රීඩාවට සමු දීමටත් වෙනත් පළාත් වල ක්‍රීඩා සංගම් වෙත බැදීමටත් අවධානය යොමුව තිබේ.
රටක් ගැන නොහිතන, රටේ අනාගත පරපුර ගැන නොහිතන අශිෂ්ඨ සම්පන්න බලධාරීන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් මේ මියැදෙන්නේ ලක් මාතාව හෙට දිනයේ රනින් සරසන්නට සැරසෙන පුංචි මල් කැකුළුය. මෙම ක්‍රියාව මධ්‍යම පළාත් මළල ක්‍රීඩාව පමණක් නොව රටටම එල්ල වී තිබෙන මාරු පහරකි.
කොවිඩ් වසංගත කාලයේදීත් අනෙකුත් ක්‍රීඩාංගන වසාදමා මෙම ක්‍රීඩාංගණය නොවසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු වීම් සදහා විවෘතකර දීමට ඉමහත් හිටපු අධ්‍යක්ෂකවරයා මහත් වෙහෙසක් දරා තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස දකුණු ආසියා ක්‍රීඩා සඳහා සහභාගි වූ දිල්සි කුමාරසිංහ රන් පදක්කම් 3ක් දින ගැනීමට සමත් විය.
එසේම 2000 වසරේ සමස්ථ ලංකා පාසැල් මළල ක්‍රීඩා තරග වලදී බාලක බාලිකා සියලුම ජයග්‍රහණ වලල, ඒ මද්‍ය විද්‍යාලය හිමිකර ගැනීම, 2022 වර්ෂයේ සමස්ථ ලංකා පාසැල් මළල ක්‍රීඩා තරගාවළියේ සමස්ථ සුරතාවයන් 80 කට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගැනීම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරග සදහා සහභාගි වී වැඩිම පදක්කම් ප්‍රමාණයකින් ලංකා මාතාව සැරසීම වැනි ජයක්ග්‍රහණ මෙම පාසැල විසින් ලබා ගත් විශේෂ දක්ෂතා අතර දැකිය හැකිය.
මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුකර වලල ඒ රත්නායක විද්‍යාලයේ මෙන්ම මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු ආරක්ෂා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානයට යොමු කෙරේ.