පුවත් සැපයීමේ පරමාර්ථය වන්නේ පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ප්‍රජාවන්, ඔවුන්ගේ සමාජයන් සහ ඔවුන්ගේ රජයන් පිළිබඳව හැකි හොඳම තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමයි. එය ක්‍රියාත්මක වන්නේ ‘හඬක් නැති කෙනෙකුගේ හඬ’ වෙනුවෙනි. අපේ සමාජයේ සිටින සියලු දෙනාගේ අදහස් සහ ප්‍රකාශ සමාජ ගත කරන මාධ්‍යවේදියාගේ භූමිකාව ක්‍රියාත්මක වන්නේ බලධාරීන් සහ ජනතාව අතර පාලමක් සේය.
පුවත්පත් කලාව ලෝකයට වැදගත් වන්නේ අප දැන් ගෝලීය ආර්ථිකයක් සහ ගෝලීය සමාජයක් වන බැවිනි. හොඳ මාධ්‍යවේදියෙක් ඔහුටම ආවේණික ශෛලියක් නිර්මාණය කරයි. ඔහු පිරිනමන දේ සඳහා රසය හා ඉල්ලුම නිර්මාණය කිරීමේ කලාව ඔහු දනී. පුවත්පත් කලාව ගැන අවබෝධ කර ගත යුතු වැදගත්ම දෙය නම් එහි සම්පූර්ණ අරමුණ පුරවැසියන්ට සේවය කිරීමයි. යමෙක් සාහිත්‍ය විශිෂ්ටත්වය අපේක්ෂා කරයි; තවත් කෙනෙක් ප්‍රචාරණයෙන් විශාල ගබඩාවක් සකසයි. එහි ආවරණය ඉතා පුළුල් වන අතර, වැඩිදියුණු කිරීම සඳහා එහි විෂය පථය අසීමිත වේ.
සිදුවෙමින් පවතින දේ ගැන දැනුම් දීම මත අද ජනතාව යැපෙන්නේ පුවත්පත් මතය. නූතන පුවත්පතක් යනු හුදෙක් ප්රවෘත්ති සපයන්නෙකුට වඩා බොහෝ සෙයින් වැඩි දෙයකි. එය වත්මන් තොරතුරු ගබඩාවක්, මහජන විවේචනයේ උපකරණයක්, මහජන මතය නිර්මාපකයෙක් ද වේ. ප්රජාතන්ත්රවාදී සමාජයක මාධ්‍ය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මහජන මතයක් ගොඩනැගීමට ඔවුන්ගේ බලපෑම ඉතා විශාලයි. පාරේ යන මිනිහා වෙනුවෙන් දේශපාලන චින්තනයක් කරනවා කියන්න පුළුවන්.
ශ්‍රී ලංකාව තුල නම් මාධ්‍යකරණය නිසි ලෙසම සිදුවන්නේ යයි තහවුරු කල නොහැකි වුවත් මාධ්‍යවේදීන්ගෙන් 30% ක්වත් තවමත් දූෂණය වී නොතිබීම අපගේ වාසානාවකි. ශ්‍රී ලංකාවේ මේ වන විට කුස ගින්නේ සිටින ප්‍රමාණය ලක්ෂ ගණනාවකි. නමුත් රාජ්‍ය මුදල් නොහොත් කුස ගින්නේ සිටින මිනිසුන්ගේ මුදල් වියදම් කරමින් අනවශ්‍ය ලෙස උත්සව, විවිධ ප්‍රිය සම්බාධන පවත්වන්නේ රටේ ප්‍රශ්නයක් තිබෙන බව හෝ ජනතාවට ප්‍රශ්න තිබෙන බව නොතේරෙන සහ නොදැනෙන හැගීම් දැනීම් නොමැති පරදේශක්කාරයන්ගේ ජානවලින් උපන් පරපුරේ රාජ්‍ය නිලධාරීන්ය. ඊයේද (17) එවැනිම උත්සවයක් තිබුනේ අස්ගිරි පොලිස් ක්‍රීඩාංගනයේදී.
157 වන පොලිස් දිනය මෙවර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමරන්නේ පළාත් මට්ටමිනි. සැබවින්ම ඔවුන්ට එම සැමරුම සැමරීමට තරම් ගැම්මක් තිබෙන්නේ නම් ඒ තවමත් විශිෂ්ඨ පොලිස් නිලධාරීන් කොටසක් අප රට ඉතිරිව සිටින නිසාය. ඔවුනුත් නොසිටින්නේ නම් සැබවින්ම එසේ ආඩම්බරයෙන් සැමරීමට “ ආඩම්බරකාර” පොලිස් දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකාව අහිමිව ගොස්ය. අපේ වාසනාවට මතු දිනයක එම විශේෂ පොලිස් නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නගා සිටුවනු ඇත.
ඊයේ මධ්‍යම පළාතේ තිබු එම උළෙල සදහා ලක්ෂ ගනනාවක් වියදම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොලිස්පතිගේ මුදල් විය නොහැකිය. නමුත් ඔවුන් පොලිස් සතිය නිමිතිකරගෙන සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද විශේෂ වැඩ කොටසක් කල බවද සදහන් කල යුතුමය. නමුත් එම උත්සව වලට වියදම් කරන මුදල්ද වියදම් කිරීමට තිබුනේ කුස ගින්නේ සිටින මිනුසුන් වෙනුවෙනි.
එම උත්සවය ආවරණය කිරීමට මහනුවර මාධ්‍ය වෙදින්ටද ආරාධනා කර තිබුණු නමුත් ඔවුන්ට වතුර වීදුරුවක් ලබා නොදීමට තරම් පොලිස් සැමරුම් උත්සවය අභිමානවත් වී තිබුණි. එහිදී ජේෂ්ඨ මාධ්‍යවේදීන් වන JL ජයසිංහ මහතා සහ කමල් සුරවීර යන මහත්වරුන් සමග මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම සහභාගි වී සිටි අතර පොලිසියේ ආරාධනය මත පැමිණ සිටි ඔවුන්ට පොලිස් සැමරුම් උත්සවයේදී තමන්ගේ වාර්තා කිරීම් සදහා පුටුවක් වත් නොලැබුණු බවද, පුටු පවා ලබා ගත්තේ ඉතාම අමාරුවෙන් බවද වාර්තා වේ.
කෙසේ නමුත් මාධ්‍යවේදීන් එසේ කිසිම දෙයක් බලාපොරොත්තුව වාර්තාකරණය නොකරන නමුත් ඔවුන්ද පැමිණෙන්නේ මා ඉහතින් සදහන් කල පරිදි ජනතාව වෙනුවෙන් තොරතුරු වාර්තා කිරීමටය. ඔවුන් මහජනතාවගෙන් වැටුප් ලබමින් රට විනාශ කිරීමේ කටයුත්තට දායාද වුවන් නොවේ. මෙයින් අපට පෙනෙන්නට තිබෙන්නේ මාධ්‍යවේදීන්ගෙන් ඔවුන්ට වැඩක් නැති බවයි. එසේ අවශ්‍ය නැතිනම් මාධ්‍ය වේදීන් තුට්ටු දෙකට නොදමා ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂාවන ලෙස ඔවුන්ට අරාධනා නොකර සිටියා නම් අපට මෙසේ ලිවීමට සිදුනොවනු ඇත.
එබැවින් මහජනතාවගේ ආරක්ෂකයෙකු වන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වය වෙනුවෙන් වැඩකටයුතු කරවීම ශ්‍රී ලංකාවේ සියලුම දෙනාගේම වගකීමකි. මෙසේ වගකීමක් නැති පොලිස් දෙපාර්තමේන්තුවක් බිහි වීම වැලක්වීමට අවශ්‍ය ස්වාදීන පොලිස් දෙපාර්තමේන්තුවක් බිහිකර, සියලුම පොලිස් නිලධාරීන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට දැන්වත් පාලක පන්තිය කටයුතු කල යුතුය. එසේම පොලිස්පතිවරයාද තමන්ගේ හිතවත් පොලිස් නිලධාරීන් සමග නොව වැඩකාරයන් සමග එකතුව මෙම පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂා කිරීම සදහා රජයට බලපෑම් කල යුතුය.