මධ්‍යම පළාතෙන් රටේම ගුරුවරුන්ට පාඩමක්. පළාත් 9 ම ඇස් ඇරේවායි දෙමාපියන් කියයි

තම පන්තියේ දරුවන්ට මුදලට පන්ති පැවැත්වූ මධ්‍යම පළාතේ පාසල් ගුරුවරුන් 51 දෙනකු ඔවුන් සේවය කළ පාසල්වලින් වෙනත් දුෂ්කර පාසල් වෙත මාරු කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මධ්‍යම පළාතේ පාසල්වල තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අයකර උපකාරක පන්ති නොපවත්වන ලෙස දන්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ විසින් මීට මාස කිහිපයකට පෙර චක්‍රලේඛයක්ද නිකුත් කරන ලදී.

ඒ අනුව නීතියට පටහැනිව උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරුන් වෙත ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර තිබේ.

මෙම සිදුවීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ලේඛම්වරයා ගත් ඉතාම අනගි ක්‍රියාවක් වන නමුත්, මේවා තව දුරටත් පුළුල් කරමින්, තම පාසලේම දරුවන්ට මුදල් ලබාගෙන උපකාරක පන්ති කිරීම තහනම් කල යුතුය. එවැනි බොහෝ ගුරුවරු දරුවන්ට ලබා දෙනුයේ වැරදි උපදෙශක් වන අතර තමන්ගේ පන්තියට නොඑන දරුවන් විවිද අපයෝජනවලට භාජනය කරති.

Exit mobile version