මධ්‍යම පළාතේ විවිධ ස්ථානවල සිදුවන පරිසර විනාශයන් සහ ජනතාවට එරෙහිව රාජ්‍ය නිලදාරීන් සිදු කරන නීතිවිරෝදී ක්‍රියාවන් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමට විරුද්ධව මහනුවර , තෙල්දෙණිය, ගම්පොල, පූජාපිටිය ආදී ප්‍රදේශ වල ජනතාව විවිධ අයුරින් සංවිධානය වෙමින් පවතින බව දක්නට ලැබේ. එසේම ඒ පිලිබදව තොරතුරුද අප වෙත වාර්තා වෙයි.
මහනුවර නගර සැලැස්ම සමග නාගරික සංවර්ධන අධිකාරිය ද ජනතා ඉඩම් මංකොල්ල කන බවද, විවිධ උපක්‍රම භාවිතා කරමින් ජනතාව පීඩාවට පත් කරන බවද , ගම්පොල ආදී ප්‍රදේශ වල පරිසර හානීන් සිදුවන බවද සහ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම් සිදු කරන බවද පසු ගියදා ගම්පොල පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
ගම්පොල හරිත සංවිධානයේ කැදවුම්කරු සහ ගම්පොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන සමීර චන්ද්‍රසිරි මහතා විසින්, ගම්පොල නාමල් උයන වෙල් යාය බලහත්කාරයෙන් අත්පත්කරගෙන ගොඩ කිරීම, නාමල් උයන ගැසට් කරගෙන අයිති කරගැනීම, මහවැලි ගගට සිදුවන හානීන් ඇතුළු කරුණු ගනණාවක් පිලිබදව මාධ්‍යට අනාවරණය කරන ලදී.
එහිදී ඔවුන්ට සහ පවුල්වල වල උදවියට සිදුවන තර්ජන, පොලිසිය කරන අකටයුතුකම්, ප්‍රාදේශීය ලේකම්වරු, මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂකගේ නින්දා සහගත හැසිරීම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතුද දැඩි ලෙස විවේචනය කරන ලදී. විවේචන වලට වඩා වැදගත් කරුණු ලෙස සදහන් වුයේ රාජ්‍ය නිලදාරීන් ලිඛිතව ලිස්සා ගොස් ඇති බවයි. මේ මහා විනාශය වැලක්වීමට මැදිහත් වන ලෙස ඔහු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්ද කරන ලදී.
රාවණා සටහන
මෙම සිද්ධියේදී ඉදිරිපත් කල කරුණු වලදී දැක ගන්නට ලැබුනේ වගකිව යුතු රාජ්‍ය නිලදාරීන් තම රාජකාරිය පැහර ඇති බවයි. එහිදී ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රාදේශීය ලේකම්වරු, මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂක, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නිලදාරීන්ගේ නම් පවා කිය වේ.
ඉඩම් අත්පත් කරගැනීම සදහා කල යුත්තේ ඉඩම් අත්පත් කරගැනීමේ පනතට අනුව කටයතු කිරීමයි. ඒ සදහා රජයේ ඉඩම් සන්තකය ලබා ගැනීමේ පනතද, ඉඩම් අත් පත්කරගැනීමේ පනතද උපයෝගී කරගත යුතුය. එසේ නොමැතිව කටයුතු සිදුවන්නේ නම් කල යුත්තේ මෙම රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව අපරාද චෝදනා යටතේ නඩු පැවරීමයි. ඒ සදහා පොලිසිය තුල පැමිණිල්ලක් යෙදිය යුතුය. එසේම එම නිලදාරීන්ගේ නම් සහ පදිංචි ලිපිනයන් භාවිතා කරමින් පැමිණිලි කිරීමෙන් එම කටයුත්ත පහසුවෙන් කරගැනීමට හැකිය. එසේම පොලිසිය තුලින් නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් කල යුත්තේ ප්‍රාථමික අධිකරණ නඩු විධාන සංග්‍රහ පනතේ 25 (1) වගන්තිය උපයෝගී කරගෙන නීතිඥවරයෙකු මාර්ගයෙන් හෝ පුද්ගලිකවම ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වෙත පැමිණිලි කිරීමයි. නමුත් නීතිඥවරයෙකු මාර්ගයෙන් පැමිණිලි කිරීම වඩාත් යෝග්‍ය වේ. එසේම විශ්වාසවන්ත දක්ෂ නීතිවේදියෙකුගේ සේවය වඩාත් ප්‍රතිපලදායක වේ. එසේම මේ සියලුම නිලධාරීන්ට විරුද්දව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම තුලද පැමිණිල්ලක් කර තිබීම, පියවරෙන් පියවර පොලිස් මූලස්ථානය දක්වාම පැමිණිලි කර තිබීමද අනාගත නීතිමය කටයුතු සදහා වැදගත් වේ.
එහිදී අදාල පොලිසියේ නිලදාරීන්ට ද එසේ අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකිය. මෙම කාරණාවේදී ඒ ඒ නිලදාරීන්ට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 56, 90, 100, 102, 112, 113,120, 199, 214,215, 216, 261, 289, 330, 340, 372 යන අංක යටතේ නඩු පැවරිය හැකිය. ඒ සදහා වෙනමම සාක්ෂි අවශ්‍ය නොවේ. මේ සිදුවීම් වලින්ම සාක්ෂි තිබේ. පොලිසිය විසින් අපරාධ චෝදනා ගොනු නොකරන්නේ නම් එම ස්ථානාධිපතිට විරුද්ධවද වෙනම ම මෙසේ අපරාද නඩු පැවරිය හැකිය.
ඉඩම් අත්පත් කරගැනීමට අදාළ නීති සදහන් වෙනත් වෙනත් ලිපි මෙතනින් කියවන්න.
ඉඩම් අත් පත් කරගැනීමේ නීතිය සදහන් පුවතක්
විනාශ කරන වෙල්යාය