මධුසංඛට හෙට තරගය අහිමි වෙයි.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛට බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග අහිමි වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ දෙවන එක්දින තරගය අතරතුර ඔහු පාදයේ ආබාධයකට ලක්වු බවයි.

ආබාධ තත්ත්වය සුව අතට පත්නොවීම හේතුවෙන් ඩිල්ෂාන් මධුසංඛ තෙවන තරගයට සහභාගී නොවන බවට ක්‍රිකට් ආයතනය පවසා තිබේ.

දෙරට අතර තීරණාත්මක අවසන් එක්දින තරගය හෙට (18) පැවැත්වීමට නියමිත බව සදහන්.

Exit mobile version