පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළී පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක් ඊයේ (ජූලි 9) රාත්රියේ අනතුරට ලක් වී ඇති බව අප වාර්තා කරන ලදී.
මනම්පිටිය ප්රදේශයේ කොටලීය පාළමෙන් ඔයට පෙරළී අනතුරට පත්වූ බස් රථයට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අනුමත අවසර පත්රයක් නොමැති බව වාර්තා වේ.
මනම්පිටිය පොලිසිය සඳහන් කළේ, අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී අනතුරින් තුවාල ලැබූ 20කට වැඩි පිරිසක් මනම්පිටිය සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.