මන්ත්‍රීගේ පුත්‍රයා සිදු කළ අනතුර.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකරගේ පුත්‍රයා විසින් පසුගියදා මැරීන් ඩ්‍රයිව්හිදී SUV රථය වාහන දෙකක ගැටීමෙන් අනතුරක් සිදු කළ බවට වාර්තා වේ.

CCTV දර්ශනවල සටහන් වූ මෙම අනතුර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ගිය අතර මෙහිදී වේගයෙන් පැමිණි SUV රථයක් බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේදී මාර්ග ඉදිකිරීම් කිහිපයක් මගහැරීමට යාමේදී පාලනය කරගත නොහැකිව තවත් වාහන දෙකක ගැටී ඇති බව සදහන්.

SUV රථයේ සිටි තරුණයින්ට බරපතළ තුවාල කිසිවක් නොවූ අතර මාර්ගයේ ගමන් ගත් ජීප් රථයට සහ වාහන දෙකකට දැඩි හානි සිදුව තිබෙන බැවින් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා රියදුරු අර්ල් ගුණසේකරගේ පුත්‍රයා පොලිසියට කැදවූ බවට සදහන් වේ.

මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version