මන්ත්‍රීන්ගේ හදවත් ගැන සැකයක්. නොමනා ක්‍රියාවලට එරෙහිව හඬ නගන්නෝ CID ගෙන්වීම නවත්වන්න  (වීඩියෝ)

ශ්‍රීලංකාව නීති පද්ධතියකින් සමන්විත වූවත් මානව හිමිකම් කඩවීම් රාජ්‍ය සේවයේ දූෂණ,වන්චා ආදිය රජ කරන බව සිවිල් සන්විධාන එකමුතුව ප්‍රකාශ කරයි.

මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් ඔවුන්  ප්‍රකාශ කලේ, පසුගිය කාලයේ පැවති ඉන්ධන සහ විදුලි හිඟය නිසා ජනතාව දැක්වූ විරෝධතා මගින් නිර්මාණය වූ අරගලය හේතුවෙන් ගෝඨාභය තම තනතුරෙන් පලා ගිය බවයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සුදුසුකම් සහිත මණ්ඩලයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවට ප්‍රකාශ කර ඇති බව තව දුරටත් මොවුන් ප්‍රකාශ කරයි. එසේම IMF සන්විධානයේ ඉල්ලීමක් අනුව මෙරට දූෂණ වන්චා වැලැක්වීමේ පනතක්ද අනුමත කර ඇති බව ද එසේ සුදුසුකම් සහිත මන්ඩලයක් ඇති කිරීමට නම් මෙරට දේශපාලනය තුල වන්චා දූෂණය මුලිනුපුටා දැමීමට අවශ්‍ය වන බව, එසේ නොමැතිව මෙරට තුල නීතිමය වශයෙන් ස්ථාවර කිරීමට නොහැකි බවද ඔවුන් පෙන්වා දෙන ලදී.

තවද මෙරට සිදු වන අකටයුතුකම් වලට හරිහැටි නීතියක් ක්‍රියාත්මක වන්නේ නම් රට මෙම තත්වයේ පැවතීමට නොහැකි බවද, මෙසේ රටේ විනාශයට හේතු වී තිබෙන්නේ අකාර්යක්ෂම,අදක්ෂ,දූශිත පාර්ලිමේන්තුවේ බහුතරයක් බවද සදහන් කරයි.

තවද මීට දින කීපයකට පෙර සිදු වූ ඩයනා මන්ත්‍රී තුමියගේ හැසිරීම පිලිබඳව සහ පාර්ලිමේන්තුව එසේ හැසිරීම් සහිත ස්ථානයක් වීමට නොහැකි බවද, පාර්ලිමේන්තුව තුල මෙසේ කලහකාරී ලෙස හැසීරීම පිලිබඳ මෙතෙක් යම්කිසි නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ද  මෙසේ සිදු වන නොමනා ක්‍රියා නිසාවෙන් රටේ තරුන පරපුර හඬ නැගීම සාදාරන බවද  පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව වර්තමානය වන විට මෙවැනි තත්වයකට පිරිහී තිබීම සහ එහි මන්ත්‍රීවරුන්ගේ නොමනා හැසිරීම් හමුවේ මන්ත්‍රීවරුන්ට හදවතක් තිබේද යන්න සැක බව ද  ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරයි.

මේ නොමනා ක්‍රියා සඳහා ජනතාව හඬ නගද්දී ඔවුන් CID වෙත ගෙන්වා ප්‍රශ්න කිරීම නොකලයුතු බවත් දැනට පවතින විභාග නොකෙරූ බරපතල පැමිණිලි විභාග කරන ලෙස ද  ඔවුන් ඉල්ලා සිටි. දේශපාලකයන්ගේ සුලු සුලු ඉල්ලීම් නියෝග ක්‍රියාත්මක කරමින් රජයේ සේවයේ අවංකභාවයට හානිය කිරීම නොකරන මෙන් රාජ්‍ය සේවය යනු සේවයක් බැවින් අනාගත පරපුරට එම සේවය රැක ගනිමින් සියලු ජනතාවට සාදාරන ලෙස රාජ්‍ය සේවය ඉටු කරන මෙන් සිවිල් සන්විධාන එකමුතුව මෙහිදී වැඩි දුරටත් ඉල්ලා සිටින ලදී.

Exit mobile version