මන්ත්‍රී අරුන්දික ගුවන් හමුදාවේ සේවය කරලා නෑ – හිටපු ගුවන් හමුදා ප්‍රධානියෙකු කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය කල බවට පාර්ලිමේන්තුවේදී සිදු කල ප්‍රකාශය පිලිබඳව තොරතුරු සෙවීමට ඩේලි මිරර් කටයුතු කර තිබුණි.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට අනුව ඔහු ගුවන් හමුදාවේ සේවය කලේ නම් ඒ පිලිබඳව තොරතුරු ගුවන් හමුදාවෙන් ඉවත් නොකරයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගේ සටහනක්ද ඔවුන් වාර්තා කර තිබේ.

මන්ත්‍රී අරුන්ධිකට යුක්තිය ඉටුකරලීම උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ගුවන් හමුදා ප්‍රධානියෙකුගෙන් අප ඒ පිලිබදව විමසු අතර ඔහු ප්‍රකාශ කලේ, එම මන්ත්‍රීවරයා පියාසර යෝග්‍යතා පරීක්ෂණයේදී ඔහු අසමත් වූ බවත් කෙඩෙට් නිලධාරියෙකු ලෙසවත් සේවය නොකළ බවයි.

එසේම තතු දත් ආරංචිමාර්ග පවසන්නේ ඔහු ටිකට් පත් කාර්‍යාලයක සේවය කල බවත් ,  එයාර් ලංකා ගුවන් සේවයේ ගුවන් සේවකයෙකු ලෙස සේවය කල බවයි. ඒ 1990 දී පමන විය හැකි බවද සඳහන් වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව යනු තම සේවකයන් ඉවත්ව ගියද, දසක ගනනාවක්ම ඔවුන්ගේ ලේඛණ සුරක්ෂා කරන විශේෂ ආයතනයකි. හමුදා සේවකයෙකු ඉවත්ව ගොස් ඔහු මිය ගිය පසු ආදාහනයේදී පවා ජාතික ආචාරය පිදීමට උරුමකම් කියයි. එබැවින් කෙඩෙට් ඔවුන් පුද්ගලික ලිපිගොනු සුරක්ෂිතව තබා ගනී.

Exit mobile version