ජනතාවම තමන්ගේ ජන නායකයන්ට තමන්ගේම ප්‍රදේශයේදී හූ තබා විරෝධය පළකරන්නේ නම් එය තවත් සුවිශේෂී පණිවිඩයක් ජන නායකයන්ට දෙයි . නමුත් අප රටේ සිටින බහුතරයක් ජන නායකයන්ට විලි ලැජ්ජාවක් නැති බව අප දකින්නේ අවුරුදු ගනනාවකට පෙරදීමය.
පොහොට්ටු පක්ෂ මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් හිටපු මහ ඇමති එස් එම් රංජිත් ට තඹුත්තේගම, කෝන්වැව ප්‍රදේශයේදී ජනතාව හූ කියා අද (02) පන්නා දමා තිබේ.
ඒ එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා ඔවුන් පැමිණ තිබෙන අතර එම ජල ව්‍යාපෘතිය, මීට පෙර නාවික හමුදාවේද මැදිහත් වීමෙන් ජනතාව සමග සාකච්ඡා කර ආරම්භ කළ එකක් බවත් අද එහි වතුර පෙරන සවි කර එය විවෘත කිරීමට නියමිතව තිබී ඇත.
නාවික හමුදාවේද දැනුම්දීම මත ගම්වාසීන්ද එම අවස්තාවට පැමිණ තිබෙන අතර ජනතාව ඊට සම්බන්ධ වූ පසු එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පොහොට්ටු පක්ෂ මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් හිටපු මහ ඇමති එස් එම් රංජිත් සහභාගී වී ඇත.
නාවික හමුදාවේද මැදිහත් වීමෙන් සිදු කළ කටයුත්තක් සඳහා මොවුන් දෙදෙනා සහභාගී වීම සම්බන්ධයෙන් විරෝධතා දැක් වූ ප්‍රදේශවාසීන් පිරිසක් ඉන් ඉවත් ගොස් ඇති අතර තවත් පිරිසක් මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට සහ රංජිත්ට දිගිදින් දිගටම විරෝධය දක්වා ඇත. එහිදී මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන ජනතාවට පහරදීමටද උත්සාහ දරා තිබේ.
එහිදි ජනතාවද දැඩිව විරෝධය දක්වා ඇති අතර ජනතා විරෝධය උත්සන්න වීමත් සමග මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් හිටපු මහ ඇමති එස් එම් රංජිත් ඉන් ඉවත් ගොස් ඇත.