මන්දපෝෂණයෙන් බැට කන දරුවන් බඹරුන්ගෙන්ද බැට කයි

වව්නියාව ,බෝගස්වැව විද්‍යාලයේ පසල් ගොඩනැගිල්ලක් ආසන්නයේ ගසක පවතී බඹර කුඩුවක් ඇවිස්සීම හේතුවෙන් පාසලේ දරුවන්ට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.

එහිදී බඹර ප්‍රහාරයට ලක් වූ දරුවන් 42 දෙනෙකු අද (17) දින වව්නියාව රෝහලට ඇතුලත් කර ඇත.

රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ දරුවන්ගෙන් පිරිසක් තරමක් බරපතළ තත්වයේ සිටින බවයි.

මේ වන විට දරුවන් ඉවත් කර ඇති අතර දරුවන්ගේ දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ දැඩි උත්සාහය මත දරුවන් රැසක් බඹර ප්‍රහාරයෙන්  බේරා ගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමීක්ෂණ වලින් සොයාගෙන ඇත්තේ පාසල් සිසුන් වැඩි පිරිසක් මන්දපෝෂණයෙන්ද බැටකන බවයි.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ සාගින්නෙන් පෙළෙන රටවල් අතරින් 64 වන ස්ථානයට පත්ව ඇත.

Exit mobile version