මේ වන විට කුඩා ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කර තිබේ.
එසේම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ පෙනහළු ආශ්‍රිතව දරුවන්ට පවතින රෝගී තත්වයේද ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දරුවන්ට මෙම කාලය එතරම් සුභ කාලයක් නොවන බව පැහැදිලිය. මන්ද යත් මේ වන විට මෙරට දරුවන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර විවිධ වෛරස් ආසාධන වලින්ද බැට කනු ලබයි.එම නිසා පවතින රජය රටේ අනාගතය වන දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.