මන්දපෝෂණය සීග්‍රයෙන් දලුලා වැඩෙයි.

ශ්‍රී ලංකාවේ මේ වන තෙක් සිදුකර ඇති සමීක්ෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බවයි.

ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම ඉදිරියේදී මෙම තත්ත්වය 40,000 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් මෙහිදී පෙන්වා දෙන ලදී.

ඒ සඳහා අවශ්‍ය විසඳුම් ද මේ වන විට කඩිනමින් සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට කුසට අහරක් පවා නැති තත්ත්වයක් උදා වී ඇත.එන්න එන්නම උද්දමනයෙන් පීඩා විඳින ජනතාවට තවමත් සහනයක් පේන තෙක් මානයක නම් නොමැත.

ඇත්තෝ කා බී සතුටු වෙති නැත්තෝ කුසගින්නේ ගුලි වී නිදියති.පාලකයන් ද මේවා නොදකින සේ තම මල්ල තර කර ගැනීමට කටයුතු කරති.උන්ට ද බලය සහ ධනය රැස් කිරීමේ නිමක් නොමැති අතර ජනතාව කුසගින්නේ මැරෙද්දී පවා ඔවුන් පිල් බෙදී එකිනෙකා තරඟ කරති.

Exit mobile version