මභනුවර ගංවතුර අස්සේ ඉංදියාවෙනුත් අනතුරු හැගවීම්

මේ වනවිට ශ්‍රී ලංකාවට බලපා තිබෙන අයහපත් කාලගුණය පිලිබදව ඉංදීය කාලගුණ බලධාරීන් පවා අනතුරු හගවා තිබේ. සමස්ථ ලංකාවම අද අදුරේ ගිලි තිබුණු බව අපට ලැබී තිබෙන වාර්ථා වලින් පෙනී යයි.

ඒ තත්වය මත දැඩි හානියකට ලක්ව තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කය බව පෙනී යයි. එහි ප්‍රදේශ රැසකට පෙරේදා (දෙසැ. 24) පස්වරුවේ සිට අඛන්ඩව පැය 12ක පමණ කාලයක් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් නගර කිහිපයක්ම ජලයෙන් යට විය. ඒ අකුරණ නගරය, මහනුවර දුම්රිය ස්ථානය, දෙයියන්වෙල, සුදුහුම්පළ, බෝගම්බර, මහයියාව, බෝගම්බර ක්‍රීඩාංගනය ඇතුළු ස්ථානයි. මේ වන විට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කර තිබෙන බව අප වාර්ථාකරු සදහන් කරයි.

අද අකුරණ නගරය අඩි 10ක පමණ උසකට ජලයෙන් යට වී මාර්ගය අයිනේ නතර කර තිබූ වාහන හයක් පිඟා ඹයේ ගසාගෙන ගොස් තිබේ. එසේම මහනුවර දෙයියන්වෙල ප්‍රදේශයෙන් මැද ඇළ උතුරා යාම හේතුවෙන් තවත් වාහන පහක් පමණ ජලයේ ගසාගෙන ගොස් තිබෙන බව ද වාර්තා වේ.

මහනුවර යාපනය ඒ 9 මාර්ගය අකුරණ නගරයෙන් අඩි 10ක් පමණ උසකට යට වීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය පැය ගණනාවකට අත්හිටවූ බව වාර්තා වු අතර අකුරණ නගරයේ කඩසාප්පු විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබේ.

මහනුවර දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශය ද ජලයෙන් යටවීම නිසා දුම්රිය ගමන්වාර අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.

පේරාදෙනිය. උලපනේ ඇතුලු ප්‍රදේශ වලද පස් කදු කඩා වැටි තිබේ. මහනුවර බැබිල්ල ප්‍රදේශයේද නිවාස විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබේ. නුවර සුදුහුම්පල ප්‍රදේශයේ ද නිවාස 55 ක් පමණ ජලයෙන් යට වී තිබෙන බවද වාර්ථා වේ.

Exit mobile version