මයන්ත දිසානායක ධූරයෙන් ඉල්ලා අස් වෙයි.

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයේ කටයුතු කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මේ පිළිබදව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මුදල් කාරක සභා සභාපති ධූරයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිත බව වාර්තා වේ .

Exit mobile version