මයිනා ගෝ ගම ඉවත් කරන්න අධිකරණ නියෝග ගෙනෙද්දී පොලිසියට විරුද්ධව නඩු වැටෙයි. (වීඩියෝ දෙකම බලන්න)

අද මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට තිබෙන “ මයිනා ගෝ ගම” ඉවත් කිරීම සදහා පොලීසිය විසින් අධිකරණ නියෝග රැගෙනවිත් බාර දුන් අතර ඒ අවස්ථාවේ එහිදී උණුසුම් තත්වයක් ඇති විය.

නමුත් ඒ සමගම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිසියට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ, එම නඩුව පැවරෙන්නේ, එම ස්ථානය තුල මේ වන තෙක් පොලීසිය විසින් සිදුකරනු ලැබූ නීතිවිරෝදී ක්‍රියාවලට එරෙහිව වීමයි. ඊට අමතරව එම ස්ථානය තුල සාමකාමී විරෝධතා පැවැත්වීම සදහා අතුරු නියෝගයක්ද ඉල්ලා තිබේ.

කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ නියෝගයට අනුව පදික වේදිකාව අවහිර වන සේ තබා ඇති සියලු දේපළ හා වාහන එම ස්ථානයෙන් ඉවත්කර ගත යුතුය. එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ, පදික වේදිකාව භාවිත කරන මහ ජනතාවට සහ මාර්ගය භාවිත කරනු ලබන මහ ජනතාවට කරදර හා බාධා නොවන ආකාරයට සිදු කරනු ලබන සාමකාමී උද්ඝෝෂණ සඳහා මෙම නියෝගය බාධාවක් නොවන බව ය.

මේ සියලු කටයුතුවලදී පොලිසිය දැඩි අසරණ භාවයකට පත්ව තිබෙන බැව් පෙනෙන අතර සිවිල් ජනතාව සහ පොලීසිය අතර මේ ආකාරයෙන් ගැටුම් ඇතිකිරීමට පාලක පන්තිය ඉඩ දීම තවත් අපරාද ගණනාවක අරම්භයකි.

අධිකරණ නියෝගය කියවා දීම

පොලිසියට එරෙහිව පවරා තිබෙන නඩුව

Exit mobile version