මල්පැණි බොන්න ආ බඹරු නිසා 7 ක් රෝහලට

දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු බබර ප්‍රහාරයක් හේතුවෙන් අවුරුදු 14ක පිරිමි ලමයකු ඇතුළු 07 දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් රෝහලට ඇතුලත් කර ඇත.


කැළනිවැලි වැවිලි සමාගමට අයත් දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටියදි එම වතුයායේ වතු කාර්යාලය අසලදි මෙම බබර ප්‍රහාරය එල්ලවි ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බබර ප්‍රහාරයට ලක්වු අයකු පවසන ලද්දේ තමන් මාර්ගයේ ගමන් කරමින් සිටියදි බටල්ගල වතු කාර්යලය අසලදි හදිසියේම බබර ප්‍රහාරයක් එල්ලවු බවත්ය.


මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලින් විමසු විට එහි නිලධාරියකු පවසන ලද්දේ දික්ඔය බටල්ගල වතුයායේදි එල්ලවු බබර ප්‍රහාරයෙන් අවුරුදු 14 පිරිමි ලමයකු ඇතුළු පිරිමි 06 දෙනකු හා එක් කාන්තාවක් රෝහල් ගත කර ඇති බවත්ය.


මෙසේ රෝහල් ගත කරන ලද කාන්තාවගේ තත්වය මදක් බරතල බවත් එම කතාන්තාව රෝහලේ හදිසි ප්‍රථාකාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවත් අනික් තුවාලකරුවන් සමන්‍ය වාට්ටුවල නේවාසිකව ප්‍රථිකාර ලබන බවත්ය.

Exit mobile version