අද උදෑසන ගාලු මුවදොර පිටියෙහි තරුණයෙකු ප්‍රකාශ කලේ එහි සිටින තරුණයන් බා ගැනීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ඊට විනාඩි කිහිපයකට පසු “ අරගල කරන තරුණයන් සමග සාකච්චාවකට අග්‍රාමාත්‍යවරයා සූදානම්” බව මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලදී.
කෙසේ වුවත් තරුණයන්ගේ ඉල්ලීම වන්නේ “ රාජපක්ෂවරුන් ගෙදර යා යුතුයි” බවයි. ඊයේද (12) දිනයේද අප දුටුවේ රජයට පක්ෂපාති හිමිවරුන් සහ කණ්ඩායමක් අරගල සිදුකරන තරුණ තරුණියන්ට හිගන්නන් ලෙස ආමන්ත්‍රණය කිරීමයි.
මේ සියලු ගැටළු සමග රජයට යම් පක්ෂපතීත්වයක් තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඊයේ සිටම රජයට දැඩි ලෙස විරුද්ද වෙමින් සිටි. මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකදීද කියවුනේ රාජපක්ෂවරුන් ගෙදර යා යුතු බවයි.