රටේ උද්ගතව ඇති ආර්ථික අස්ථාවරත්වය හමුවේ පීඩාවට පත් බොහෝ පිරිස් විදෙස් රැකියා සඳහා රටින් පිටව යාමට කටයුතු කරමින් පවතියි.
මෙම වාතාවරණය තුළ දී කුඩා ළමුන්ගේ දෙමාපියන් පවා විශේෂයෙන් මව්වරුන් ද විදෙස්ගත වීමට කටයුතු කරන බව අපට සමාජය තුළින් දක්නට ලැබේ.
මෙම තත්ත්වය හමුවේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරිසිංහ මහත්මිය ප්‍රකාශ කළේ වයස අවුරුදු 05ට අඩු ළමුන් සිටින කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුවීම වළක්වාලීමට අවශ්‍ය නීති මේ වන විට සම්පාදනය කරමින් පවතින බවයි.
එමෙන්ම රජය විසින් වයස අවුරුදු දෙකට වැඩි ළමුන් සිටින මව්වරුන්ට විදෙස් ගතවීමට අවසර ලබාදීමට ගෙන ඇති තීරණය ගැටලු සහගත බව ද ඇය මෙහි දී පෙන්වා දී ඇත.
මෙනිසා විදෙස් ගතවන මව්වරුන් හේතුවෙන් මෙරට තුළ තනිවන දරුවන් බොහෝ අවස්ථාවලදී අපයෝජනයන්ට පවා ලක්වන බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කරයි.
මෙය අද වන විට බරබතල සමාජ ගැටලුවක් බවට පත්ව ඇත.