මව්- පිය ආරවුල දියණියට දිවි අහිමි කරයි!

උපකාරක පන්තියක් වෙත යාම සඳහා මුදල් ඉල්ලීමක් මත, මව සහ පියා අතර ඇති වූ ආරවුලකින් සිත්තැවුලට පත් වූ අවුරුදු 15 ක් වයසැති දියණියක් රුධිර පීඩනය සඳහා ලබාගන්නා ඖෂධ අධි මාත්‍රාවක් පානය කොට සිය දිවි නසාගන ඇතැයි වාර්තා වේ.

වාර්තා වන ආකාරයට එහිදී ඇති වූ රෝගී තත්වයක් මත පියා විසින් කඩිනමින් ඇය බදුල්ල මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ සිසුවිය රුධිර පීඩනය සඳහා ලබාගන්නා ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම නිසා දිවි අහිමිව ඇති බවයි.

Exit mobile version