අලුත උපන් බිළිදකු පණපිටින් වලදැමූ පුවතක් තාලයඩි ප්රදේශයෙන් වාර්තාවේ.
තම සැමියාගෙන් වෙන්ව දරු දෙදෙනා සමග ජීවත් වූ කාන්තාවකට අනියම් සම්බන්දයකින් උපන් දරුවකු පණ පිටින්ම වළ දැමු එම කාන්තාව මරදන්කේනි පොලිසීය මගින් ඊයේ (2) සවස අත්අඩංගුවට ගෙනතිබේ.
නිවස තුලම දරුවා ලැබුණු පසු ඇය විසින් දරුවා තම නිවස පිටුපස වලලා නිවසටම වී සිට ඇති බවත් එලෙස වල දමා ඇත්තේ ඇගේ තෙවන දරුවා බවද මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
නොගැබුරු ලෙස වළ දමා සිටි දරුවා බල්ලන් විසින් ගොඩ ගෙන ඇද ගෙන යමින් සිටියදී අසල්වාසීන් දැක පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය කල විමර්ශන වලින් කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලීසිය ඉදිරියේ ඇය වරද පිළිගත් බව පොලීසිය සදහන් කරයි.
මෙම අපරාදය කර ඇති සුහස්කරන් ඉලක්කි රංජනී නැමති 36 වියේ පසුවන කාන්තාව කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.