පසුගිය නොවැම්බර් මාසයේ දී කන්දකුලිය ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් 6 දෙනකු මාස දෙකක පමණ කාලයක සිට තොරතුරක් නොමැතිව අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.
ඥාතීන් පවසන්නේ එම ධීවරයන් හා බෝට්ටු ඉන්දියාවේ රදවාගෙන සිටිනු ඇති බවයි.
පසුගිය නොවැම්බර් මාසයේ දී ඉන්දීය නාවික හමුදාව විසින් මෙම ධීවරයන් 6 දෙනා හා යාත්රා දෙක ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත්ව තිබේ.
එම ධීවරයන්ගේ පවුල් වල ඥාතීන් පවසන්නේ එම ධීවරයින් වයස අවුරුදු 19 ත් 35 ත් අතර වයස් වල පසුවන අය බවය.