මහජනතාවට නිසි සේවයක් නැතත් මහජන යුතුකම පොලිසිය වෙනුවෙන්.

ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා 9,417ක් ඊළඟ තනතුරට උසස් කිරීමට ඊයේ (දෙසැ. 19) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව එම ශ්‍රේණින්ට අදාළ පොලිස් නිලධාරීන් 8,312ක් සහ පොලිස් නිලධාරිනියන් 1,105කට උසස්වීම් ලැබීමට නියමිතය.අදාළ උසස්වීම් ලබාදීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට නීතිය සහ සාමය ආරක්ෂා කර දීම සඳහා පත්කර තිබුණ නමුත් අද වන විට සිදු වන්නේ බලවතුන් ආරක්ෂා කරමින් ජනතාව සිර කිරීමයි.නීතිය සාධාරණය යුක්තිය රැකිය යුතු තැන අද බහුතර පොලිස් නිලධාරීන් රැකීහට උත්සහ කරන්නේ කීර්ති ප්‍රශංසා සහ මුදලයි.

ජනතාව ගෙවන බදුවලින් පෝෂණය වන ඇතැම් පොලිස් නිලධාරීන් ජනතාව වෙනුවෙන් නැගී සිටිනවා වෙනුවට දේශපාලුවන්ගේ බල්බැලයන් මෙන් ඔවුන්ට පමණක් සේවය කරයි.නමුත් ජනතාව සිය යුතුකම් මොවුන් වෙනුවෙන් ඉටු කරයි.

මෙවැනි උසස් පදක්කම් ඔවුන්ට හිමිවන්නේ මහජන යුතුකම ඔවුන් නිසි ලෙස ඉටු කරන නිසාවෙනි.පොලිස් නිලධාරීන් අතලොස්සක් සිදු කරන දූෂිත ක්‍රියාවන් හේතුවෙන් සමස්ථ දෙපාර්තමේන්තුවටම සිදුවන්නේ විශාල කැළලකි.

Exit mobile version