මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස් වීම බොරුවක්.

විශ්‍රාමික ආරක්ෂක අංශ ප්‍රධානියෙකු වන  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්  ජගත් අල්විස් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවට පලවන පුවත අසත්‍ය පුවතක් බව අප විසින් තහවුරු කරගන්නා ලදී.

එසේම ඉල්ලා අස්වීම සදහා එවැනි ලිපියක් ද බාර දී නැති නමුත් නව අමාත්‍යවරයාට නව ලේඛම්වරයෙකු පත්කරගැනීමට අවශ්‍ය වුවහොත් තමන් ඉවත් වීමට සූදානමින් සිටින බවද, එසේ අවශ්‍ය වුවහොත් ක්ෂණිකවම ඉවත්වීමේ කටයුතු සකසාගෙන තිබෙන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.

Exit mobile version