මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිට උපදෙස් ලබා දී ඇත්තේ මාධ්‍යවේදීන් ප්‍රශ්න නොකරන ලෙසට කරන ලද දැනුවත් කිරීම පිළිබඳව තැකීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙසයි.
එසේම සුදුළූණු සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකය විසින් සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පරීක්ෂණ කටයුතු පුළුල් ලෙස සිදුකරන ලෙස ද පොලිස්පතිට උපදෙස් ලබා දී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.