ඊයේ රාත්‍රී 09.00 ට පමණ අපට ලැබුණු නිශ්චිත අරන්චියට අනුව මහජන කැළඹීමක් ඇති කල බවට අත් අඩංගුවට ගෙන තිබෙන්නේ ඊයේ අරඟල භූමියට පැමිණි කුට්ටිගල පොලිස් ස්ථානයට අනුබද්ධව සේවය කරනු ලැබූ පොලිස් සැරයන් WM අමරදාස නමැති නිලධාරියෙකි. කොටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති ඔහු පසුව වැඩි ආරක්ෂාවට යයි පවසමින් ඊයේ රාත්‍රියේම වරාය පොලිසිය වෙත යවා තිබුණි.
සැබවින්ම ඔහු මහජන කැළඹීමක් ඇති කලේද?. මහජන කැළඹීම ආරම්භ වුයේ අද ඊයේ සිට නොවේ. සිංහරාජ රක්ෂිතය අවට සංවේදී කලාපයන්හි හෝටල් ඉදිකිරීම, විවිධ පාරිසරික හානි, පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ප්රශ්නය, වනාන්තර විනාශ කරමින් සිදු කරනු ලැබූ සන්නිවේදන කුළුණු ඉදිකිරීම්, ජනතාවට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම, ගෑස් පිපිරීම්, විදුලිය කප්පාදුව, ඉන්ධන නොමැති වීම්, භාණ්ඩ මිල ඉහල යාම, ගොවි ජනතාවගේ ආදී ගැටළු සිය ගනනාවක්ම ගෙන හැර දැක්විය හැකිය. ඒවා සියල්ලම මහජන කැළඹීම් වේ. ඒවාට විරුද්ධව නීතියක් ක්‍රියාත්මක කිරීමට පොලිසියට නොහැකි වුයේ ඇයි?. එයට හේතුව අයහපත් දේශපාලන මැදිහත් වීම් බව අමුතුවෙන් සටහන් කල යුතු නොවේ. කෙසේ වුවත් ඒවා යට ගසමින් වැරදි ගනනාවක් තිබුන පොලිස් නිලදාරියෙක් වූ තරමින් එක් නිලධාරියෙක්ට මහජන පීඩාවක් ඇති කල බවට චෝදනා එල්ල කල හැකිද?. අප ඉහතින් සදහන් කල පීඩාවන් ඔහුද අත් වින්දේ නැතිද ?. එසේ නම් සෙවිය යුත්තේ ඔහුව පමණක් නොව සමස්ත මහජනතාවම පාරට ඇද දැමු කුමන්ත්‍රණ කරුවන් නොවේද?. අප ඉහතින් සදහන් කල සියලු කරුණු වලට වග කිව යුත්තේ අදාළ රාජ්‍ය නිලදාරීන් බවද අමතක නොකළ යුතුය. එසේම සියලුම රාජ්‍ය නිලදාරීන් පාහේ තමන් අදහන දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ යමින් ජනතාව පීඩාවට පත් කරන බවද නොරහසකි. එසේම ත්‍රිවිද හමුදාවේ මෙන්ම පොලිසියේද දේශපාලන ගැත්තන් සිටින බවද නොරහසකි. අමරදාස නැමති පොලිස් නිලදාරියා පැමිණියා සේ අනෙක් ආරක්ෂක නිලදරින්ද තමන්ගේ දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ගේ රැස්වීම් වලට පෙනී සිටීමට ගියහොත් සිදු වන්නේ කුමක්දැයි යන්න අමුතුවෙන් පැහැදලි කල යුතු නොවේ.
අනුබල දීම, වරද වැළක්වීමේ රාජ්‍ය සේවකයෙකු ලෙස එය නොවලක්වීම ආදී චෝදණා රැසක් යටතේ ඔහුට නඩු පැවරිය හැකි වුවත් රටක්ම පීඩා විඳින ගැටළුව නිසා සාක්ෂි නීතියෙන් ඔහුව නිදහස් වනු ඇත. නමුත් සියලුම නිලදාරීන් එසේ හැසිරීමට සිදු වුවහොත් රට අස්ථාවර වේ. පොලිස් මාධ්‍ය නිවේදනය නිකුත් කල යුතුව තිබුනේ තව දුරටත් හරවත් ලෙස සමාජීය වශයෙන් සිදු විය හැකි හානිය සදහන් කරමිනි. ඒ කෙසේ වෙතත් තවත් පොලිස් නිලධාරීන් හෝ හමුදා නිලදාරීන් එසේ නිල අදුමින්ම පැමිණීම වැලැක්වීම උදේසා ස්වභාවික යුක්තියේ මූලධර්ම භාවිතා කල හැකිය. නමුත් සියල්ලටම හේතුව වන්නේ ජනතාව පිඩා විදීමයි. ඔහුගේ පැරණි වැරදි සහ මේ සිද්ධිය යනු දෙකක් වුවත් පැරණි වැරදි ජනගත කිරීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවට හානියක් සිදුව තිබේ. සමාජ ජාලා වල අදහස් වලට අනුව මෙසේ වැරදි කරන පොලිස් නිලදාරියෙක් පොලිස් දෙපාර්තමේන්තුව තුල මෙතෙක් කල් තබා ගත්තේ ඇයි?. තවත් එවැනි නිලදාරීන් කොපමන ප්‍රමාණයක් පොලිසිය තුල සේවයේ නිරත වනවාද? . සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් ප්‍රශ්න කරයි. එම මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමෙන් සමාජය තුල ඇතිව තිබෙන කතා බහ පොලිසිය හිතුවාට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. ඒ අතර එම පොලිස් නිලධාරියා වෙනුවෙන් රැකියා ලබා දීමටත් පුරවැසියන් ඉදිරිපත්ව සිටි.
අපගේ මෙහෙවර සමාජය නිසි ලෙස ගොඩනැගීමට අවශ්‍ය විද්‍යාත්මක සහ ආධ්‍යාත්මික දැනුම මෙන්ම විවිධ උපක්‍රම ඔස්සේ විවේචනාත්මකව ලිවීම සහ වාචිකව පැහැදිලි කිරීමයි. අප මීට ටික කාලයකට පෙර උඩවලව පොලිස් ස්ථානාධිපතිට විරුද්ධවද විවිධ චෝදනා එලි දක්වා තිබේ. එයින් ප්‍රධාන වන්නේ පැරණි වෙහෙරක් මත ඉදිකිරීමකට විරුද්දව යොදා ඇති පැමිණිල්ලක් නිසි ලෙස විභාග කර නීතිය ක්‍රියාත්මක නොකිරීමයි. එය පුරවිද්‍යාත්මක ස්ථානයකි. ඊට අමතරව නීතිවිරෝදී ලෙස සිදු කරනු ලැබූ ඉඩම් අත් පත් කර ගැනීමකට සහාය ලබා දීම ක් ද අනාවරණය කරන ලදී . එසේ සහාය ලබා දීම නිසා ඇති වූ ජනතා පීඩනය මහජන උද්ඝෝෂණයක් දක්වාම විහිදී ගොස් ඇඹිලිපිටිය සංඛපාල ප්‍රදේශයෙන් මාර්ගය වසා දමමින් ජනතාව දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය. නමුත් මේ වන තෙක්ම එම පොලිස් ස්ථානාධිපතිට විරුද්දව නීතියක් ක්‍රියාත්මක වී තිබේද?. අප දන්නා තරමින් නැත. නිලධාරියෙකු ප්‍රසිද්දියේ කතා කල පමනිනේ ඔහුව අත් අඩංගුවට ගැනීම දෙස විවිද කෝණයෙන් බැලිය හැකි වුවත් නීතියට අනුව එය විසදිය යුත්තේ රටේ පවතින තත්වයත් සමගය. කළු සුදු අරගලයේදී අනෙක් අයව මෙල්ල කිරීම සදහා එක් නිවැරදි සුදු ජාතිකයෙකු මරා දැමුවේ ඇමෙරිකාවයි. එයද මේ සිද්දියට අදාළ කර ගනිමින් අනෙකුත් පොලිස් නිලදාරීන් පමණක් නොව ත්‍රිවිධ හමුදාවටද ස්වාදීනව සිතීම සදහා සිදු කල යුතුම කරුණකි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන භාෂණයේ සහ ප්රකාශනයේ අයිතියද ඔවුන්ටද හිමිය. ඒවාට ද හානි නොකළ යුතුය. ඒ ආකාරයෙන්ම වැරදි කරන පොලිස් නිලධාරීන් සියලුම දෙනාට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක කල යුතුය. රටේ පවතින නීතිය සියලුම දෙනාටම සමන්තාවයේ ලා ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලදරින්ට නිතර නිතර උපදෙස් දිය යුතුය . එසේ කටයුතු සිදුවන්නේ නම් මහජන කැළඹීම් සහ පීඩා ඇති නොවී මහජනතාවට සතුටින් ජීවත් විය හැකි වනු ඇත.