ශ්‍රී ලංකාවේ මහජන බැංකුව චීන තානාපති කාර්යාලය මගින් අසාදු ගත කර තිබෙන බව වාර්තා වේ.
මහජන බැංකුව විසින් චීන සමාගමකට නිකුත් කළ ණයවර ලිපිය සදහා ගෙවීම් පහර හැරීම නිසා චීන තානාපති කාර්යාලය මෙම පියවර ගෙන ඇති බව වැඩි දුරටත් සදහන් වන අතර මහජන බැංකුව නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙස සියලුම ව්‍යවසායකයන්ට දැනුම් දී තිබේ.
මීට අමතරව ණයවර ලිපි නිකුත් නොකරන ලෙස කොළඹ වානිජ මහාධිකරණයෙන් තහනම් නියෝගයක් ද මහජන බැංකුව වෙත නිකුත් කර ඇති බවද සඳහන් වේ.