මහජන මුදලින් පුහුණු කලේ තරුණ අපි ගෙදර තියන්නද?. හෙද ඩිප්ලෝමාධාරීන් මහපාරට (video)

2018 කණ්ඩායම ලෙස හෙද පුහුණුවට බැදී 2020.01.06 සිට 2023.02.28 දක්වා තුන් අවුරුදු පුහුණුව නිම කර මාස 8කට වඩා වැඩි කාලයක් හෙද ඩිප්ලෝමාධාරීන්  2600ට ආසන්න පිරිසක් පත්වීම් අපේක්ෂාවෙන් සිටින නමුත් මේ වන තෙක්ම ඔවුන් බදවා ගැනීම සදහා සෞඛය බලධාරීන් කටයුතු නොකිරීම නිසා එයට එරෙහිව අද (03) රත්නපුර නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

2023.08.10 වන දින රෝහල් සඳහා මනාප ලකුණු කිරීම සිදුකල ද ඔවුන්ගේ පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් දිනයක් තවමත් සඳහන් කර නැති බවද, සෞඛ්‍ය ආමාත්‍යංශ හා වෙනත් අදාල   බලධාරීන් මේ සම්බන්ධව දැනුවත් කල ද තවමත් මේ වන තෙක් නිසි පිලිතුරක් ලැබී නොමැති බවද ඔවුන් උද්ඝෝෂණයේදී ප්‍රකාශ කළේය.

වසර 3ක් විශාල පිරිවැයක් ගෙවා ඔවුන්ව පුහුණු කර ඇති  අතර එම දැනුමින් හා හැකියාවෙන් රටට සේවයක් කිරීමට නොහැකි වීම, තරුණ බලාපොරොත්තු සමග මෙලෙස නිවෙස් වල රැදී සිටීම කණගාටුවට කරුණක් බවද ඔවුන් පෙන්වා දෙන අතර තාවකාලිකව හෝ පෞද්ගලික අංශයක හෝ රැකියාවකට ඔවුන්ව බඳවා නොගන්නා බවද පෙන්වා දෙන ලදී.

හෙද හෙදියන් විශාල පිරිසක්  විදේශගත වීමත් සමග මෙරට රෝහල්වල හෙද පුරප්පාඩු විශාල ප්‍රමාණයක් මේ වන විටත් ඇති වී තිබෙන  මේ අවුරුද්ද ඇතුලත හෙද පත්වීම් අපේක්ෂිත සියලු දෙනාටම කොටස් වශයෙන් නොව  එකවර කඩිනමින් පත්වීම් ලිපිය ලබා දිය යුතු බවට පත්වීම් අපේක්ෂිත හෙද කණ්ඩායම රජයෙන් ඉල්ලා සිටියේය.

වංචා, දුෂණ මෙන්ම අක්‍රමිකතාවලින් පිරුණු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ආයතනවල සේවයේ සිටින ඉහල බලධාරින්ට වංචාව, සහ දුෂණයට තිබෙන ඔලුව රටේ මිනිසුන් වෙනුවෙන් යෙදවීමට නොමැති බවත්, රට ගොඩනැගීමට ඔවුන්ට අවශ්‍ය නැති බවත් අප දිගින් දිගටම පෙන්වා දී තිබේ. රට ගොඩනැගිය යුතු තරුණ පරපුරද මෙසේ රස්තියාදු කිරීමත්, ඔවුන්ටද දුෂිත ක්‍රම හුරුකරමින්, ඔවුන් රැවටීමෙන් සිදුවන්නේ, මතුදිනකදී ඔවුන්ද සිදුකරනුයේ එම ක්‍රමයම බවත් දිගින් දිගටම පෙන්වා දුන්නත් ඒවා “බීරි අලින්ට විනා වයන්නාක්” මෙනි.

Exit mobile version