දිය උල්පතක් සහිත මනරම් ස්වාභාවික පරිසරයකට උරුමකම් කියන රජයට අයත් ඉඩමක ගල්කොරියක් ආරම්භ කිරීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම්වරයාට හදිසියේම ස්ථානමාරුවක් ලබා දීමට තීරණය කර ඇතැයි වැලිගෙපොල ජනතාව දැඩි අප්‍රසාදයෙන් සඳහන් කරයි.
එයට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් දිය උල්පත් සහිත රජයට අයත් ඉඩමක ගල්කොරියක් ආරම්බ කිරීමට අවසර ඉල්ලා ඇතත් ස්ථානීය පරීක්ෂණකදී අනාවරණය කරගෙන ඇති තොරතුරු වලට අනුව පාර්ලිමේන්තුව මගින් පනවා ඇති පනත් උල්ලංඝනය එයට අවසර ලබා දීමට නොහැකි වීම හේතුව බව සදහන් වේ.
එසේම කොරෝනා දිනවල ජනතාව ලක්ව තිබු අපහසුතාවයන් නිසා වැලිගෙපොල සහ අවට ජනතාව වෙනුවෙන් මාස දෙකක් ඔහුගේ වැටුප පරිත්‍යාග කල බව වැලිගෙපොල කලාපය කේන්ද්‍රකරගෙන සුභ සාධක කටයුතු කරන ප්‍රධානතම සන්විධානයක්ද ප්‍රකාශ කළේය.
එසේම, ප්‍රාදේශීය දේශපාලකයන් රාජ්‍ය නිලදාරීන්ටද හොරෙන් කටයුතුකරමින් බඹරගල ආරණ්‍ය සේනාසනයට අයත් රක්ෂිතය කපා සන්නිවේදන කුළුණක් ඉදි කිරීම, අම්බැවිල ඇතුගල වැවට ඉහලින් තිබෙන වැව් රක්ෂිතය විනාශ කිරීම, එම වැවට ඉහලින් ඇති කඳුගැටයක් හරහා මාර්ගයක් ඉදිකරමින් හෝටලයක් සැකසීමට කටයුතු කිරීම, මඩවලලන්දේ අලුතින් ගොඩ නැගූ සන්නිවේදන කුළුණක් සදහා රක්ෂිතයක් විනාශ කරමින් විදුලි මාර්ගය ඉදිකිරීම ආදී කටයුතු රාශියක් සදහා මැදිහත්ව ජනතාව වෙනුවෙන් නීතිවිරෝදී වැඩ වැලක් වූ පුද්ගලයෙකි. එම කටයුතු සිදුවීමට යාමේදී රජයට එරෙහිව දැවැන්ත මහජන විරෝදතා එල්ල වෙමින් පැවති අතර වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම්වරයා එම කටයුතු කිරීමට අවසර දුන්නේ නම් ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මහජනතාව පහර දීමට පවා ඉඩකඩ සැකසී තිබුණි.
එසේ ජනතාව වෙනුවෙන් වැඩ කල රජයේ සේවකයෙකු නීතිවිරෝදී කටයුත්තකට අවසර නොදීමෙන් ඔහුට ස්ථානමාරුවක් ලබා දීමට තරම් රත්නපුර දිස්ත්‍රික් ලේඛම් හෝ රජය කටයුතු කරන්නේ නම්, සහ තම පුද්ගලික අරමුදල් තර කරගැනීම සදහා ජනතා නියෝජිතයන් ලෙස පත් වූ දේශපාලන අධිකාරිය කටයුතු කරන්නේ නම් ඒවාට විරෝදය පෑමට ජනතාවට අය්ටියක් තිබේ. නමුත් මේ කතාව ඉහල දේශපාලන අධිකාරිය සහ උසස් රාජ්‍ය නිලදාරීන් නොදන්නවා ඇති බව අපගේ මතය වන අතාර මෙම සිද්ධියට විරෝධය පා වෙලිගෙපොල මංසන්ධියේ මහජන උද්ඝෝෂණයක් පැවැත්වීමටද කටයුතු සැකසෙමින් තිබෙන බව සදහන් වේ.
ඕපනායක වාර්තා කරු.
රාවණා විශේෂ සටහන
මෙවැනි කටයුත්තක් නිසා උසස් දේශපාලන අධිකාරිය නොමග යවමින් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය නොහොත් දේශපාලන මොන්ටිසෝරිය කටයුතු කරන්නේ නම් එහි පලවිපාක විදින්නට වන්නේද ඔවුන්ටමය. ඉහත සදහන් කර තිබෙන සිද්දීන් සියල්ලම සිදුව තිබෙන්නේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම්ට අයත් විවිධ ප්‍රදේශයන් වලයි.ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය තමන්ගේ පහත් කටයුතු සිදු කරගැනීම සදහා රාජ්‍ය සේවකයන් මාරු කර හරින්නේ නම්, ඔවුන්ද දැනගත යුතුය, “ ඔවුන්ගේ නීතිවිරෝදී කටයුතු වලට පිළිතුරු ලබා දෙන්නේ ජනතාවම” බව. එසේම නීතිවිරෝදී කටයුතු සදහා ජනතාව එකතු වුවත් වැඩක් නැති බවද දැනගත යුතුය. නමුත් ජනතාවම තමන් පත් කර ගත් දේශපාලන මොන්ටිසෝරියට විරුද්දව නැගී සිටීම යනු ඔවුන්ට ඉහල පන්ති වලට යාමාට නොහැකි බව සහ තම තමන්ගේ දරු මල්ලන්ට පවා නින්දා අපහාස විදීමට සිදුවන බැව් දැනගෙන මහජන සේවය සේවයක් ලෙස සිදු කිරීමටත්, එය ව්‍යාපාරයක් කර නොගෙන මහජනතාවට පීඩා සිදු නොකර සිටීමටත් දැන ගත යුතුය. රජයට අයත් යනු ඒවා මහජතාවට අයත් දේපලයි. රජය යනු මහජනතාව බව දේශපලාන මොන්ටිසොරියේදීම නිසි ලෙස උගත යුතු අතර මහජනතාව තමන් පත් කර තිබෙන්නේ ජනතා සේවයට විනා ජනතාව විනාශ කිරීමට නොවන බව ඔවුන් උගත යුතුය.
මේ පිළිබඳව විමසීම සදහා වෙලිගෙපොල ප්‍රාදේශීය ලේඛම්වරයා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කලද එය ව්‍යර්තව ගිය බැවින් ඒ පිළිබඳව වැඩි විස්තර ලබා ගෙන ස්තානමරුව පිළිබඳව තොරතුර සත්‍ය තොරතුරක් බවට සත්‍යාපනය කර ගැනීමට නොහැකි විය. එහෙත් අනෙකුත් තොරතුරු සත්‍ය බවට තහවුරු කරගෙන ඇත.