මේ වන විට කොවිඩ් රෝගීන් වාර්තා වී ම නොසිතූ ලෙස ඉහළ ගොස් ඇති බවත් එකම රෝගියාට අවස්ථා කිහිපයකදීම කොවිඩ් වැළඳීමේ අවදානමක් පවතින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
පවත්නා අවදානම් තත්ත්වය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වීම ඉතා වැදගත් බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙහිදී පෙන්වා දී ඇත.
එමෙන්ම අප්‍රේල් මස 30 වනදායින් අනතුරුව කිසිදු පොද් ස්ථානයක පූර්ණ එන්නත්කරණයෙන් තොරව ගැවසීමේ අවස්ථා නොමැති බවත් සැමගේ ආරක්ෂාව සඳහා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.