මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධාකළ පුද්ගලයින් දෙදෙනෙකු ගිරිබාව පොලිස් වසමේ තිඹිරිපොකුණ ප්‍රදේශයේ දී ඊයේ (02) උදෑසන ගිරිබාව පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන ඇත.
අදාළ පුද්ගලයින් දෙදෙනා මුඛ ආවරණ නොපැලඳ සිටීම පිළිබඳව අවවාද කළ අවස්ථාවේ එම පුද්ගලයින් දෙදෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරයාට පරුෂ වචනයෙන් බැන වැදී අතින් පහර දීමක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අවුරුදු 24 හා 42 යන වයස්වල පසුවන පුද්ගලයින් වන අතර ඔවුන් තිඹිරිපොකුණ හා අශෝකපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් දෙදෙනා ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.