ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා ඇත්තේ නිසි අධීඛ්ෂණයකින් තොරව විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම තුළින් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි බවයි.
පසුගිය දන කිහිපය තුළ ඉන්දීය සංචාරකයින් විශාල වශයෙන් මෙරටට පැමිණ ඇති බවයි ද ඔහු සඳහන් කර ඇත.
එලෙස පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කටයුතු පිළිබඳව නිසි අධීක්ෂණයක් නොමැති හෙයින් බලපතළ තත්ත්වයක් ඇති විය හැකි බවයි උපුල් රෝහණ මහතා පවසන්නේ.