මහනායක හිමිවරුන්ගේ ඉදන්ම සිව්රු ගලවනවා. දේශබන්දු තෙන්නකෝන් වැඩ කලේ ත්‍රස්තවාදියෙක් වගේ . (වීඩියෝ)

ශ්‍රී ලංකා පොලිසියෙන් තමන්ට මරණ තර්ජන තිබෙන බවත්, මෙතනදී හෝ සිරගෙදරකදී මරණ බව‍ට දේශබන්දු තෙන්නකෝන් පැහැදිලිවම ප්‍රකාශ කල බවත් අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් – වේදිනිගම විමලතිස්ස හිමි ප්‍රකාශ කරයි.

උන්  වහන්සේ මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවකට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමිනි.

උන් වහන්සේ මෙහිදී වැඩි දුරටත් සදහන් කලේ , රතන හාමුදුරුවෝ කරන පාදඩ වැඩ නිසා අද හාමුදුරු කෙනෙක්ට දේශපාලනය කරන්න තියා පාරක බැහැලා යන්න වත් බැරි බවද  දේශබන්දු තෙන්නකෝන් මාව මරනවා කියලා බලහත්කාරයෙන් හිස් කොළවලට අත්සන් ගත් ලංකාවේ හාමුදුරුවරුන්ගෙ 50% කට වඩා ගෑනු ප්‍රශ්න තිබෙන බවද ප්‍රකාශ කරන ලදී .

එසේම තව දුරටත් සදහන් කරමින් උන් වහන්සේ කියා සිටියේ,  “ගෑණු ප්‍රශ්න වලට සිවුරු අරින්න වුණොත් මුලින්ම යන්න වෙන්නෙ අස්ගිරි මහානායක හාමුදුරුවන්ට බවද,  රතන හාමුදුරුවන්ට මන්ත්‍රීකම කවුරුවත් දුන්නේ නැති බවත් හොර ලේඛන හදලා හොරට ගත්ත එකක්  බවද රතන හාමුදුරුවෝ දැන් කරන්නේ ආණ්ඩුවේ ගේම් එකක් ලෙස  විපක්ෂ නායක වෙන්න දඟලන්නේ බවයි”

රාවණා සටහන

බෞද්ධ රාජ්‍යක් ලෙස ලොව පුරා ප්‍රචලිත ශ්‍රී ලංකාවේ ඝනීන් වහන්සේලා බහුලව සිටින බව මේ වන විටත් ඔප්පු වී තිබෙන අතර බුදුරජාණන් වහන්සේගේ දර්මය දේශනා කරමින්, ගිහි පිරිස් ඒ මග ගෙන යාමට වෙහෙස වී කටයතු කරන උගත්, ශිල්වත් හිමිවරුන් ශ්‍රී ලංකාවේ හතර දෙසම වඩා වාසය කිරීම අප ලැබූ ඉතාම භාග්‍යයකි.

බුදු දහමට වින කරන බුදුමග නොයන ඝනීන් වහන්සේලා නොහොත් අශිල්වත් නාමික භික්ෂූන්ට එරෙහිව සින්ග්හල බෞද්ධ ජන සමාජයම නැගිටිමින් සිටිති. එපමණක් නොව මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ටද දැඩි ලෙස චෝදනා එල්ල වේ. උන්වහන්සේලාට චෝදනා එල්ල වීමට ආරම්භ වුයේ ද මීට දසක කිහිපයකට පෙර වන අතර මේ වන විට ඒවා උග්‍ර වෙමින් පවතී. හාමුදුරුවන් වහන්සේලාගෙන්ම මාහනායක හිමිවරුන් වෙත චෝදනා එල්ල වෙමින් පවතින්නේ රටේ වාසනාවකට නම් නොවේ.

මෑතකදී උන්වහන්සේලාට බෞද්ධ ජනතාව එරෙහිවීමට පටන් ගත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිහිභාරකරු වන ප්‍රදීප් නිලන්ඟට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ තිබු පැමිණිල්ලක් විභාග කිරීමට ගෙන්වීම පිළිබදව, එම අංශයට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව 2015 දී නිකුත් කල මාධ්‍ය ප්‍රකාශයි. එසේම මල්වතු අස්ගිරි සංඝ සභාවන් කෙරෙහිද දැඩි මහජන අප්‍රසාධයක් එල්ලේ වෙමින් පවතින්නේ ජාතියේ සහ රටේම අවාසනාවටයි.

Exit mobile version