ශ්රී ලංකාවේ 75 ස් වන නිදහස් සමරුව නිමිත්තෙන් ශ්රී දළදා මාලිගාවේ මූලිකත්වයෙන් 2023 පෙබරවාරි මස 18 වන දින ජනරජ පෙරහරක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මේ සදහා වන මූලික සාකච්ඡාවක් ඊයේ (04) වැනි දින මහනුවර ශ්රී දළදා මාලිගාවේදී පවත්වන ලදී.
ඉතාමත් සුවිශේෂී අවස්තාවන් වලදී රජයේ ඉල්ලීම මත ජනරජ පෙරහැර ශ්රී දළදා මාලිගාව මගින් අවස්ථා කිහිපයකදීම පවත්වා තිබෙන බැව් මහනුවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වන ප්රදීප් නිලංග දෑල පවසන ලදී.
මෙම විශේෂ පෙරහැරේදී ජනරජ ලාංචනය අලි ඇතුන් සහිත පෙරහරකින් වීදි කිහිපයකටම රැගෙන යාම සිදුකරයි. ශ්රී දළදා “ රන් වියන” විවෘත කල අවස්ථාවේ සහ “යුධ ජයග්රහණය” ලබා ගත් අවස්ථාවේදීද මේ ආකාරයෙන් විශේෂ පෙරහැර පවත්වා තිබෙන බවද මෙහිදී අනාවරණය වී