මහනුවරින් ආරම්භ කල සමගියේ පා ගමන දැන් කඩුගන්නාව වෙත ලඟා වෙයි. (Vidiyo)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ ආණ්ඩුවට ගෙදර යන්න බලකරමින් සිදු කරනු ලැබූ පා ගමන අද උදෑසන මහනුවරින් ආරම්භ කරන ලදී.

රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අන්දවමින් බල හුවමාරුව සඳහා කරන සංගීත පුටු තරගයට සමගි ජන බලවේගය සම්බන්ධ නොවන බවද මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීම සමගි ජන බලවේගයේ ඒකායන පරමාර්ථය බව ද  පැවසූ විපක්ෂ නායකවරයා රාජපක්ෂලා සිටින ආණ්ඩුවක කොටස් කරුවන් වීමට තමන් කිසිසේත් සූදානම් නැති බවද ප්‍රකාශ කරන ලදී.

අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ඒ මහතා, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත් අතර ගරුතර මහා සංඝරත්නය විසින් ආශිර්වාද පිරිත් සජ්ජායනාවක්ද  පවත්වා එතුමාට ආශිර්වාද කරන ලදී.

ඉන් අනතුරුව ඔහු  ඓතිහාසික නාථ දේවාලය වෙත පැමිණ දේවාශීර්වාදය ද ලබා ගත් අතර  ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.

මහනායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විචාරනු ලැබූ විපක්ෂ නායකවරයා  වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්වය පිළිබඳව ද උන්වහන්සේ සමග  සාකච්ඡා කරනු ලැබීය.

ඒ සදහා එම පක්ෂයේ නායකයන් ඇතුළුව ප්‍රධානීන් ගණනාවක් සහබාගි වී සිටි අතර අද මේ වන විට එම පාගමන පිළිමතලාවේ සිට කඩුගන්නාව දක්වා ගමන් කරමින් තිබේ.

Exit mobile version