ඊයේ (13) දින සධාතුක කරඬුව රැගත් නැදුන්ගමුවේ රාජා හස්තියා ප්‍රධාන කොටගත් ඇසළ පෙරහැර රාත්‍රී 7.18 ට පමණ වීදි සංචාරය කිරීම ආරම්භ විය.
මෙවර මහජනතාවගේ සහභාගීත්වයක් නොමැතිව පෙරහැර පැවැත්වෙන නමුත් සිරිත් පරිදි සියලුම වත්පිළිවෙත් වලින් සමන්විත අලංකාර පෙරහර මංගල්‍යයක් දළදා මාලිගයේ සිට වීදි සංචාරය කිරීම ඊයේ දින සිට ආරම්භ විය.
ඊයේ රාත්‍රියේ ආරම්භ වූ කුඹල් පෙරහැර දළදා වීදිය, ඩී. එස් සේනානායක වීදිය ඔස්සේ පන්සලපාර ඉහළට පැමිණ නැවතත් දේව වීදිය, කොළඹ වීදිය, ඩී. එස් සේනානායක වීදිය, රජ වීදිය ආදී ලෙස ගමන් කර පසුව ගෙවදීම සිදු කරන ලදී.
අද (14) දින කුඹල් පෙරහරේ දෙවන දින වන අතර, රාත්‍රී 7:15 ට පෙරහර පිටත්වීමට නියමිතය. එලෙස පැමිණෙන පෙරහැර දළදා වීදිය, ඩී. එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදිය ඉහළට පැමිණ ගෙවදීම සිදුකරයි.