අගෝස්තු මස 13 දින පස්වරු 05:55 ට දකුණු දිශාව බලා දේවාලයන්හි පෙරහර පිටත්ව දන්ත ධාතු මන්දිරයේ ඉදිරිපිටට පැමිණ පසුව රාත්‍රී 07:18 ට දකුණු දිශාව බලා පෙරහැර පිටත්ව දළදා වීදිය, ඩී. එස් සේනානායක වීදිය ඔස්සේ පන්සලපාර ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, ඩී. එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහලට විත් ගෙවදීම.
08. 14 දින, රාත්‍රී 7:15 ට පෙරහර පිටත් වී දළදා වීදිය, ඩී. එස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහලටවිත් ගෙවදීම.
08. 15 දින, රාත්‍රී 7.12ට පෙරහැර පිටත්ව දළදා වීදිය ,ඊ.එල් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහලටවිත් ගෙවදීම.
08. 16 දින, රාත්‍රී 7.07 ටපෙරහර පිටත්ව දළදා වීදිය, ඊ. එල් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහලටවිත් ගෙවදීම.
08.17 දින, රාත්‍රී 7. 05 ට පෙරහර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහලටවිත් ගෙවදීම.
රන්දෝලි පෙරහැර.
2021 අගෝස්තු 18 දින, රාත්‍රී 06:14 ට සිව් දේවාලයෙන් රන්දෝලි බහා එදින සවස 6.25 ට රන්දෝලි පෙරහැර පිටත්ව ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ ඉදිරිපිටට පැමිණ පසුව රාත්‍රී 7. 02 ට ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර සමඟ දළදා වීදිය, ඩී. එස් සේනානායක වීදිය, පන්සල පාර ඉහළට පැමිණ දේව වීදිය ,කොළඹ වීදිය, ඊ.එල් සේනානායක වීදිය ,රජ වීදිය ඔස්සේ ඉහලටවිත් ගෙවදීම.
08. 19 දින, රාත්‍රී 06:57 ට පෙරහැර පිටත්ව දළදා වීදිය, ඩී. එස් සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහලට විත් ගෙවදීම.
08. 20 දින, රාත්‍රි 7. 03 ට පෙරහැර පිටත්ව දළදා වීදිය, ඊ.එල් සේනානායක වීදිය ,හරස් වීදිය ,ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහලට විත් ගෙවදීම.
08. 21 දින, රාත්‍රී 6.48 ට පෙරහැර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, ඩී. එස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහලට විත් ගෙවදීම.
08. 22 දින, රාත්‍රී 6.44 ට පෙරහැර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී. එස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහලට විත් ගෙවදීම.
දියකැපුම් පෙරහැර
2021 අගෝස්තු මස 22 වන දින, රාත්‍රී 11. 23 ට ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙහි පෙරහැර සිව් දේවාලයන්හි පෙරහැරත් සමග පිටත්ව දළදා වීදිය, ඩී. එස් සේනානායක වීදිය ඔස්සේ ගෙඩිගේ විහාරයට ගොස් දළදා කරඬුව එහි තැන්පත් කර සිව් දේවාලයන්හි පෙරහර ආපසු දේවාල වලට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටුකිරීම.
දවල් පෙරහැර.
2021 අගෝස්තු මස 23 දින, පෙරවරු 11.50ට ගණදෙවි කෝවිලෙන් පෙරහැර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය,ඊ.එස් සේනානායක වීදිය, කන්දේ වීදිය ඔස්සේ ඩී. එස් සේනානායක වීදියේ මංසන්ධියට පැමිණ එදින පස්වරු 1.42 ට ගොඩගේ විහාරයෙන් පිටත් වන ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙහි පෙරහැර සමග ඩී. එස් සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවරක් ප්රදක්ෂිණා කොට පස්වරු 3:27 ට ගෙවදීම.