අවුරුදු 35 ක් පමණ තිස්සේ එකම ස්ථානයක පවත්වාගෙන යමින් ජනතාවට සේවය සැලසු මහනුවර ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය ස්ථාන දෙකකට රැගෙන යාමට කටයුතු කරන බව කදුරට ජනතා අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ සභාපති මහාචාර්ය, නීතිඥ අසංග තිලකරත්න මහතා ප්රකාශ කරයි.
එසේ ස්ථාන දෙකකට රැගෙන යාමෙන් ජනතාව දැඩි අසීරුතාවයන්ට ලක් වන බවත් , එයින් ජනතාවට කිසිදු සෙතක් සැලසෙන්නේ නැති බවද, ජනතාවට තවත් රුපියල් 5000 ක් පමණ වියදම් කිරීමට සිදු වන බවද ඒ මහතා ප්රකාශ කරයි.
ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ රෙජිස්ට්රාර්වරුන් දෙදෙනෙකු සිටින බවද, ඔවුන්ගේ සුඛ විහරණය සදහා මෙසේ ස්ථාන දෙකක මෙම අංශය ස්ථාපනය කිරීමෙන් රජයට ඒ වෙනුවෙන් කුලියක් ගෙවීමට සිදු වන බවද , එසේ ස්ථාපනය කිරීමෙන් අනතුරුව ජනතාව ජනාධිපති ප්රමුඛ රජයට බන වදින බවද, නමුත් ඒ දේවල් සිදු කරන්නේ රාජ්ය නිලධාරීන් බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.