මහනුවර කතරගම දේවාලයට නව බස්නායක නිලමේවරයෙක්. ලක්ෂ 50 ක් දීලා චන්දය ගත්තයි පැරදුනු පාර්ශවයෙන් චෝදනා

අද 13 පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම්කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති උණුසුම් මුහුණුවරක් ගත් ඡන්ද විමසීමේදී ඡන්ද 21 ක් ලබා ගනිමින් උඩුරාවන මහතා ඉදිරි වසර පහක කාලය සදහා මහනුවර එතිහාසික කතරගම දේවාලයේ භාරකරත්වයට පත් විය.

උඩුරාවන මහතා සමග එම ධුරය සදහා තරග කළ කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ වරයා වූ ගැමුණු වලිසුන්දර මහතාට ලබා ගත හැකි වුයේ ඡන්ද 6 ක් පමණි .

බස්නායක නිලමේවරයා තේරීමේ ඡන්ද බලය හිමි මහනුවර සතර මහා දේවාල වල බස්නායක නිලමේවරුන් පිටිසර දේවල වල භාරකරුවන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු 27 දෙනෙකු මෙහිදී ඡන්දය භාවිතා කළහ .

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කරනු ලබන සතර මහා දේවල අතුරින් විශේෂ ස්ථානයක් හිමිකර ගෙන ඇති කතරගම දේවාලයේ චිරාගත චාරිත්‍ර හා සම්ප්‍රදාය රකිමින් ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍ය සාර්ථකව පැවැත්වීම සදහා හැකි උපරිම දායකත්වය ලබා දීම තම අරමුණ බවද එම අරමුණ ඉටු කිරීම සදහා දෙවියන් විසින් මෙම තනතුර ලබා දුන් බව තමන් විශ්වාස කරන බවද, නව බස්නායක නිලමේ වරයා පැවසිය.

කෙසේ නමුත් ගැමුණු වලිසුන්දර මහතා සදහන් කලේ මෙය දූෂිත නිලවරණයක් බවත් ලක්ෂ 50 ක් වියදම් කරමින් චන්දය ලබා දුන් පුද්ගලයන්ට ලබා දුන් බවයි. එසේම අප මේ පිලිබදව තව දුරටත් සොයා බැලු විට තහවුරු නොකරන ලද වාර්තා පවසන්නේ ගැමුණු වලිසුන්දර මහතා ලක්ෂ 40 ක් ලබා දී ඇති බවයි. ඔහු එම මුදල් ලබා දී තිබෙන්නේ චෙක් පත් වලින් බව කිය වේ.

මෙවැනි නිලවරණ වලදී සිදුවන්නේ චන්ද දායකයන්ගේ කණ්ඩායම් නායකයන් සමග නිලවරණයට ඉදිරිපත්වන පුද්ගලයන් හොර රහසේම සාකච්චා කිරීමය. ඉන අනතුරුව කණ්ඩායම් නායකයා වැඩියෙන්ම මුදල් ලැබුණු පුද්ගලයා කවුරුන්ද යන්න තම කණ්ඩායමට දැනුම් දී ඒ අනුව චන්දය ලබා දේ. ඉන් පසුව පරාජයට පත්වන පුද්ගලයාගේ මුදල් ආපසු ලබා දේ. ඒ අනුව මෙහිදී වඩාත්ම දූෂිත වන්නේ චන්දය ලබා දෙන රාජ්‍ය නිලධාරීන් ඇතුළු චන්ද දායකයන්ය. වැඩි මුදලට චන්දය දෙන්නේ ඔවුන්ය. වලිසුන්දර මහතා ලක්ෂ 55 ක් දුන්නේ නම් ඔහු තව දුරටත් මෙහි බස්නායක නිලමේවරයා වේ. නමුත් මුදල් ලබා දී හෝ ඔවුන් දේවාල වලින් ඉවත් කල යුත්තේ ඔවුන්ට දූෂණ චෝදනා දැඩි ලෙස පවතින බැවිනි.  

Exit mobile version