තෙල්දෙණිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට අද අලුයම කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන් බැඳ දමා එහි තිබූ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්යේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය කියයි.
කොල්ලකන ලද එම වාහන අතරින් ජිප් රථ දෙකක් වත්තේගම ගරාජයක දී කොටස් කිරීමට සුදානම් කර තිබියදී සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.
කුණ්ඩසාලේ සිරිමල්වත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගරාජයක එම ජීප් රථ සඟවා තිබූ අතර ඒවා කොටස් කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කළ මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත.
ජීප් රථ දෙක පොලිස් බාරයට ගෙන එහි සිටි දෙදෙනකු සහ ගරාජයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත් අඩංගුවට ගත් පිරිස අතර හිටපු පළාත් සභා මන්ත්‍රී වරයෙකුගේ පුතෙකු , ගැරජ් හිමිකරුවෙකුගේ පුතෙකුද සිටී.
මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත තෙල්දෙණිය සහ වත්තේගම පොලිසිය ඒකාබද්ධව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
සරත් සමරනායක.