මහනුවර දූෂිත ජේෂ්ඨ දම්සක් ,DIG වරයෙකු ලෙස 31 සිට විශ්‍රාම දිවියට

අප මීට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පිලිබඳව කියවෙන පුවතක් පළකළේය. අප එම පුවත ලියනවිට ඔහු සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය.

ඔහු මහනුවර දිස්ත්‍රික්කය තුල රාජකාරි කරනා සමයේ සිදුකරන ලද දූෂණ ගණනාවක්ම තිබෙන අතර අරගලය සාමය තුල මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු සමග විදේශගතව තිබේ. ඔහු රැගෙන ආ විදේශීය  මත්පැන් බෝතල් ගනනාවක් විකිණීමට ලබා දී තිබුනේ මහනුවර ව්‍යාපාරිකයෙකුටය. අප එම ව්‍යාපාරිකයාගෙන් එය විමසු විට එය තහවුරු කරමින් තවත් වැරදි ගනනාවක්ම ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ඔහු 31 නුවරඑළියෙන් විශ්‍රාම දිවියට පා තබනා බව කිය වේ.

ඔහුගේ සමස්ත ඉතිහාස කතාවම අප සතුව තිබේ. සාක්ෂි සහිතවම තිබේ. අප ඔහුට සුවබර විශ්‍රාම දිවියක් ප්‍රර්ථනා කලද, සොබා දහම තුල ඔහුගේ සියලුම දූෂිත කටයුතු ලිය වී තිබේ. අවුරුදු ගණනාවක්ම පොලිස් දෙපාර්තමේන්තුවට වැඩක් කරනවා වෙනුවට, මහජන නිලයේ බලයෙන් දූෂිත දෙපාර්තමේන්තු බිහිකරන ලද ඔවුන්ට නිසි දඩුවම් ලැබෙනුයේ විද්‍යත්මක ක්‍රම ඔස්සේ නොව, ලෝකයේ පවතින පරම සත්‍ය ඔස්සේය. මෙවැනි නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකළ අනෙකුත් විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ටද උරුම වන්නේ එයම බව විශ්‍රාම දිවියේදී හෝ පසක් වීම අනිවාර්යෙන්ම සිදු වේ.

ඔහු පිලිබඳව අප මීට පෙර පලකරන ලද පුවත

“මහනුවර ජ්‍යෙෂ්ඨ දම්සක්ගේ වැඩ එළියට.”

පැරිෂුට් එකෙන් පූජනීය බිමකට පාත්වූ දම්සක් ලොක්කෙකුගේ විස්කි බ්‍රැන්ඩි ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත.

මොහු මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් වන නමුත් මොහුගේ කෙරුවාව නම් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීකමට වඩා පහත් ය.

මොහු තමන්ගේ වැයික්කියේ දම්සක් මුල් පුටුව හොබවන තරු දම්සක්ලාගෙන් විස්කි බ්‍රැන්ඩි එකතු කරන බවට අනාවරණය වී තිබේ.එහෙම එකතු කරන විස්කි බ්‍රැන්ඩි නදියක් අසබඩ අනවසරයෙන් පවත්වාගෙන යන අවන්හලට තොග පිටින් විකුණයි.

බෞද්ධ රටක් වන මෙරට පොහෝ දිනවලදී දිවයින පුරා බාර් වසා දැමීමට කටයුතු කරයි.නමුත් මෙම අවන්හලේ නම් පෝය දිනයේදීද රහමෙර අලෙවිය ජයටම සිදුවනවාලු.

නමුත් මේවා වැටලීමට මෙම ජ්‍යෙෂ්ඨ දම්සක් තහංචි දමනවලු.

දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන අයුරින් පොලිස් ස්ථානයක් සහ ඒ සඳහා සේවයට පොලිස් නිලධාරී කණ්ඩායමක් පත් කර ඇත්තේ එම ප්‍රදේශවල නීතිවිරෝධී දෑ සිදුවීම පාලනයට සහ නීති විරෝධී ක්‍රියා සිදු කරන්නන් වටලා නීතිය ඉදිරියට ගෙන ඒමට ය.

නමුත් මහනුවර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කල සමයේ මොහුගේ ක්‍රියාකලාපය නම් ඊට හාත්පසින්ම වෙනස් වූවක් බවට අනාවරණය වී ඇත.

බාර් වසා දමන පෝය දවසටත් මෙහි මෙම ජාවාරම කරගෙන යන්නේ ජ්‍යෙෂ්ඨ දම්සක්ගේ කරට අත දාගත්තු නිර්මල හදවතක් ඇති අයෙක්ලු.කාට කීවත් වැඩක් නැහැලු.ලොකු දම්සක්ලා මිනිහගේ ගජයන්ලු.

විස්කි බ්‍රැන්ඩි සපයන පොඩි දම්සක්ලාට ජ්‍යෙෂ්ඨ දම්සක්ලාගෙන් හොඳ පැසසුම් ලැබෙද්දී මේවා කාට කියන්නද කියා සෝ‌සුසුම් හෙළන පොඩි දම්සක්ලා ද සිටිති.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින මෙම නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් මෙසේ වන විට රටට යන කල දසාව කුමක් වේද”.

Exit mobile version