මහනුවර නගර සභාවට “බේ බද්දෙක්” කඩා පනී. වැඩනොකරන රාජ්‍ය සේවකයන් මිනිස්සුන්ට අරක්කු පොවයි..

මහනුවර නගර සභාවේ ඇතැම් නිලධාරීන් මහජනතාවගේ සේවාව තුට්ටුවකට මායිම් නොකරමින් හිතුවක්කාර ලෙස කටයුතු කරන බවට චෝදනා කරමින් පසුගියදා නගරසභා කාර්යාලයේ කොමසාරිස්වරයාගේ කාර්යාල දොරකඩට පැමිණ නගර සභාවේ දූෂිත පාලන ක්‍රියාවලිය හෙළා දකිමින් පුද්ගලයෙක් සිය විරෝධය පළ කළේය.

මෙසේ විරෝධය පළ කර ඇත්තේ තමන්ට අයත් කඩ කාමරය වෙනත් අයෙකුට අත්තනෝමතික ලෙස පවරා දී ඇති බව පවසමිනි. තමන් එම කඩකාමරය සඳහා අඛණ්ඩව නගර සභාවට බදු මුදල් ගෙවූ බවත්, එසේ තිබිය දී නගර සභාව විසින් තම කඩ කාමරය වෙනත් අයෙකුට ලබා දෙන්නේ කෙසේද යන්න ඔහු මෙහිදී ප්‍රශ්නකරන ලදී .

අසාධාරණයට ලක් වූ එම පුද්ගලයා මීට පෙර විනීතව අවස්තා ගනනාවක්ම නගරසභාවට පැමිණ තමන්ට සිදුව තිබෙන අසාධාරණය පැමිණිලිකර තිබුණි. එසේ පැමිණියත් තමන්ට සිදුව තිබෙන අසාධාරණයට යුක්තිය ඉටුකර නොදීම හේතුවෙන් මෙසේ බීමත්ව පැමිණ ජාතිය ඇමතීම සිදු විය. ඔහු පැමිණ කාර්යාලය ඉදිරිපිට මේවා හෙන ගහන වැඩ යනුවෙන් සඳහන් කරමින් කෑමොර දෙන ලදී.

අද රටේ තත්ත්වය හමුවේ මනුෂ්‍යයෙක් එදාවේල සරි කර ගැනීමට නොවිඳිනා දුක් විඳියි.එවැනි කාල පරි්ච්ඡේදයක් තුළ තම පවුල පෝෂණය කිරිමට  පොඩි හෝ ආදායමක් උපයා ගන්නා තම කඩ කාමරය මෙසේ අත්තනෝමතික ලෙස වෙනත් අයෙක්ට පැවරීම මෙම කාලය තුළදී කිසිවෙකුට දරාගත නොහැක්කක් බව අපට වැටහුනත් ශ්‍රී ලංකාවේ දූෂිත රාජ්‍ය සේවකයන්ට නොතේරේ . ඒ ඔවුන්ට කිසිදු අඩු පාඩුවක් නොමැති බැවිනි.

නමුත් මෙය නගර ප්‍රදේශයක් පාලනය කිරීම සඳහා බලය පවරා දී ඇති බලධාරීන්ට නොපෙනීම අවාසනාවට කරුණකි. මොහු බීමතින් පැමිණ රජයේ කාර්යාලයක් ඉදිරිපිට මෙසේ කෑමොර දෙන්නේ ඔහුගේ ජීවනෝපාය අහිමිවීමේ වේදනාවටය. නමුත් එවැනි පුද්ගලයන් දෙස රාජ්‍ය සේවකයන් බලන්නේ කරදරකරුවන් ලෙසිනි.

ජනතාව වෙනුවෙන් සේවය සැපයීමට සිටින මෙම රජයේ ආයතන අත්තනෝමතික ලෙස කටයුතු කරන ආකාරයෙන් පෙනී යන්නේ ඔවුන් ජනතාව සඳහා සේවය කිරීමට බැඳී සිටින්නන් නොවන බවයි.

අහිංසක මිනිහෙක් ඉදිරියේ උණු නොවන හිතක් ඇති නමුත් ධනවතා බලවතා ඉදිරියේ වකුටුවන කශේරුකාවක් ඇති අමුතු ජීවින් කොට්ඨාසයක් අද වන විට රාජ්‍ය සේවය තුල බිහි වී ඇත.

Exit mobile version