මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් දිවා රාත්‍රී රාජකාරිවලට දුක්ගැහැට විදිද්දී මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 60ක් ද මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 70ක් පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් සේවය කරති.ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලයේ 40ක් සේවය කරති.මොවුන් විවිධ රාජකාරිය ෆයිල් එහෙට මෙහෙට ගෙන යාම පමණක් ඔවුන්ගේ රාජකාරිය පමණක් වී ඇති බව දුක් විඳින පොලිස් නිලධාරීන් පවසති.
එසේම මහනුවර පොලිස් මුලස්ථානයේ අනෙකුත් සුළුතර නිලධාරීන් හා නිලධාරිනියන් දිවා රාත්‍රී රාජකාරි කරන නමුත් ලොක්කන්ගේ කාර්යාලවල සේවය කරන නිලධාරීන් සහ නිලධාරිනියන් දවල්ට නිදිකිරමින් සිට 4.00 ට පිටව යන බව කියති.
එසේම පොලිස් හදිසි ඇමතුම් අංශයේ 44 ක් සේවය කරන බවද කියවෙන අතර මේ වන විට එහි නිලධාරීන් පිරිස 18 ට අඩුකර තිබේ. පොලිස් පරීක්ෂකවරු ,උපපොලිස් පරීක්ෂකවරු ,කාන්ත පොලිස් නිලධාරිනියන් රැසක්,නිකරුනේ පොලිස් ලොක්කන්ගේ කාර්යාලවල සිටින බවද කියා වේ.
මහනුවර ප්‍රධාන මුලස්ථාන පොලිස් ස්ථානාධිපති වරයාගේ නිල නිවාස භාවිත කරන්නේ පොලිස් රියදුරන් හා පොලිස් ලොක්කන්ගේ අනේවාසිකව වැඩ කරන සුළු නිලධාරින් බවද කියා වේ.
දිනපතාම දිවා රත්‍රී වෙහෙස වී කොටසක් රාජකාරි කරද්දී පොලිස් ලොක්කන්ගේ කාර්යාලවල අයිස් ගහන පොලිස් නිලධාරීන් රැසක් ජනතා මුදල්වලින් පඩි ගෙන නිකරුනේ කල් ගෙවන බව ද මහනුවර පොලිස් මුලස්ථානයේ පොඩ්ඩන් පැවසුහ. ඔවුන්මේ පවසන පරිදි මේවා පොලිස්පතිවරයා පවා නොදන්නා කරුණු බවද කියා වේ.
එසේම මහනුවර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට විවිධ දූෂණ සහ අක්‍රමිකතා පිලිබදව චෝදනා එල්ලවන අතර අප ඉදිරියේදී ඔහු කවුද, මොනවාද ඔහුගේ විවිධ චෝදනා සහ අක්‍රමිකතා යන්න හෙලිදරව් කරනු ඇත.
විශේෂ වාර්තාකරුවෙකු විසිනි.