අද (02) දින ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ අද රාත්‍රී 06.01 ට එළඹෙන සුභ මොහොතින් කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට ආරම්භ කරන බවයි.
මේ අතර පොලිසිය සඳහන් කළේ පෙරහැර අතරතුර කාලයේ දී නගරය පුරා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවත්,මහනුවර නගරය පසුකර යෑමට පැමිණෙන රියදුරන් විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසත් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ප්‍රකාශ කළේ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන පිරිස් සඳහා පොදු පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට සැලසුම් කර අවසන් බවයි.