මහනුවර සියලු පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු.

මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු හැර සෙසු සියලු නිලධාරීන් මාරුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වන්නේ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හා අධිකරණ කටයුතුවලට සම්බන්ධවන සැරයන්වරු තිදෙනෙකු හැර සෙසු සියලු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර ඇත.

මෙම තීරණය මහනුවර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ගෙන ඇති අතර මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ අපේක්ෂිත මහජන සේවය මහනුවර විවිධ පැමිණිලි අංශයෙන් නොලැබෙන බවට ලද පැමිණිලි මත බව ද වාර්තා වේ.

එසේ ස්ථානමාරු සිදුකළ පොලිස් නිලධාරීන් 40ක පමණ පිරිස අතර පොලිස් පරීක්ෂකවරයෙකු හා උප පොලිස් පරීක්ෂකවරු 05 දෙනෙකු වන බව වාර්තා වේ.

විවිධ පැමිණිලි අංශයේ ස්තානාධිපතිවරයා මෑතක සිට එම අංශයට වාර්තා කර ඇති අතර එය සලකාබලා ඔහුට මාරුවීම් ලබාදී නොමැත.

එමෙන්ම අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන සෙසු නිලධාරීන් දෙදෙනා මාරු  කිරීමෙන් රාජකාරි කටයුතුවලට බාධා ඇති වන බැවින් ඔවුන් දෙදෙදනා තාවකාලිකව විවිධ පැමිණිලි අංශයේ ම සේවය සඳහා යොදවා ඇති බව ද වාර්තා වේ.

Exit mobile version