මහනුවර OIC ලා මර නින්දේ. අපරාධ වැඩි වෙයි. දේශපාලන පත්වීම සුදුසුකමක් නොවන බව අපාරාධ වැඩි වීමෙන් පෙන්නුම් කරයි

.

මහනුවර දිස්ත්‍රික්කය තුල පොලිස් කොඨිඨාශ තුනක් තිබේ. මහනුවර, තෙල්දෙනිය සහ ගම්පොල ඒවා වන අතර පිලිවෙලින් මහනුවරට පොලිස් ස්ථාන 18 ක්, තෙල්දෙණියට 6 ක් සහ ගම්පොළට 8 ක්ද තිබෙන බව වාර්තා වේ. ඊට අමතරව මහනුවර කොඨිඨාශය තුල පමණක් ලක්ෂ කිහිපයක ජනගහනයක්ද සිටි.  

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විනාශ වීමට හේතුව අප නිරන්තරයෙන්ම පෙන්වා දී තිබේ. නමුත් එම ආයතනය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රජා සංවර්ධනය පිලිබදව උගතුන් ශ්‍රී ලංකාවේ සිටින්නේ අතේ ඇගිලි ගන්නටත් අඩු ප්‍රමාණයකි. එම ආයතනය ගොඩගැනීමට පෙර රට ගොඩගත යුතු වුවත් ඒ සඳහාවත් නියම දර්ශනයක් ඉදිරිපත් කිරීමටවත් පාලකයන් අපොහොසත්ව සිටි. ඒ අදාළ දැනුම නොමැති බැවිනි.

රට ගැන දර්ශනයක් නැති දේශපාලන නැට්ටේ එල්ලී තමන්ගේ ඉහල එවුන්ද කපාගෙන යන දේශපාලන OIC ලා බහුල මහනුවර දිස්ත්‍රික්කයේ දිනෙන් දින අපරාධ වැඩිවෙමින් පවතින බව දක්නට තිබේ. මේ ඒ පිලිබදව අපට වාර්තා වූ වාර්තාවකි. මෙය මහනුවරට පමණක් නොවේ. සමස්ත රටටම පොදුය.

මහනුවර පොලිස් වසමේ අංක 42 ඒ අරුප්පල කාර්මික විද්‍යාලය නිල නිවසේ පදිංචි කේ එම්  සුධර්මා අමරසිංහ යන අය එම කාර්මික විද්‍යාලයේ අතිරේක අධ්‍යක්ෂිකාවක් ලෙස සේවය කරන බවත් 22.12.13.වන දින රාත්‍රි කාලයේ එම නිල නිවසට ඇතුළු වූ සොරකු විසින් නිල නිවසේ තිබූ රුපියල් 12600 ක් වටිනා ගෑස් සිලින්ඩරයක් සොරකම් කොට ඇති බවට මහනුවර පොලිස් ස්ථානයට පැමිණිලි කොට ඇත.

මහනුවර පොලිස් වසමේ අරුප්පල කාර්මික විද්‍යාලයේම අංක 51 නිල නිවසේ පදිංචි විරාජ් දුමින්ද ජෝති හේවා යන අයගේ නිල නිවස 22.12.13.වන දින රාත්‍රියේම සොරුන් විසින් කඩා එම නිවසේ තිබූ පියල් 6900 සොරකම් කොට ඇති බවට මහනුවර පොලිස් ස්ථානයට පැමිණිලි කොට ඇත.

හඟුරන්කෙත පොලිස් වසමේ අංක 46 මධ්‍යම ප්‍රාන්තික නිවාස යෝජනා ක්‍රමය රිකිල්ලගස්කඩ ලිපිනයේ පදිංචි කේ එම් ධනපාල යන අයගේ නිවස පිටුපස නවතා තිබූ ඔහුට අයත් සී පී එල් ඕ 9630 දරන ලොරි රඨයේ සවිකොට තිබූ රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා බැටරි දෙකක් ඊයේ දින රාත්‍රී කාලයේ සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බවට හඟුරන්කෙත පොලිස් ස්ථානයට පැමිණිලි කොට ඇත.

පල්ලේකැළේ පොලිස් වසමේ අංක 2/01. තුන් වන පටුමග ඉඳුනිල් පෙදෙස බලගොල්ල ලිපිනය පදිංචි වේලුපිල්ලේ මංගේ කරසි වයස අවුරුදු හැට තුනයි යන කාන්තාව ඊයේ දින සවස බලගොල්ල ඉඳුනිල් පෙදෙස මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඇයගේ ගෙල බැඳි රුපියල් දහ තුන් ලක්ෂ හැට දහසක් වටිනා රන් තැල්ල සහිත මාලය කඩා ගෙන ගිය බවට පල්ලෙකැලේ පොලිස්ථානය වෙත පැමිණිලි කොට ඇත.

අලදෙණිය පොලිස් වසමේ අංක 288 කරඬුවාවල වැරල්ලගම ලිපිනයේ පදිංචි එස් මයුරාවතී සෙනෙහෙලතා යන අය ඊයේ දින උදෑසන 10 45 ට පමණ අලදෙණිය නුගවෙල මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඇයගේ ගෙල බැඳ තිබූ රුපියල් ලක්ෂ 3 ක් වටිනා රන් මාලය කඩා ගෙන ගිය බවට අලදෙනිය පොලිස් ස්ථානයට පැමිණිලි කොට ඇත.

එසේම 2022 12 14 වන දින හවස 06 ට පමණ පේරාදෙණිය සුබෝධාරාම පිරිවෙනේ වැඩ වාසය කරමින් අධ්‍යාපනය ලබන වයස අවුරුදු 24 ක් වන 16 ක් වන ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර ආරවුලක් දුර දිග යාමෙන් එක හිමිනමක් පිහියෙන් ඇණ තිබේ.

මේ අනුව පෙනී යන්නේ දිනෙන් දින මහනුවර ප්‍රදේශයේ අපරාධ වැඩි වෙමින් පවතින බව තතු දත්තෝ පෙන්වා දෙයි. ඔවුන් සියලුම දෙනා ඇගිල්ල දිගු කරනුයේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ටය. තම පොලිස් බලප්‍රදේශයේ අපරාධ වැඩි වන්නේ නම් වගකිව යුත්තේ ඔහුය. කෙසේ නමුත් රටේ අපරාධ වැඩිවන විට ඒවා පාලනය කරගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසිය යුත්තේ පොලිස්පති විසිනි. එසේ ප්‍රතිපත්ති සකසන්නේ නම් ප්‍රථමව දූෂිත පොලිස් නිලධාරීනට දඩුවම් දීමට සහ සේවයෙන් පහ කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකසා සිටිය යුතුය.   

Exit mobile version