මහපොළ අරමුදලේ සංශෝධනයක්

ඊයේ (14) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කර ඇත.

පසුගිය 08 වනදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව මෙමගින් 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ දීර්ඝ නාමය “ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත“ ලෙස වෙනස් වීම ඇතුළු සංශෝධන සිදුවේ.

ඒත් සමග මෙම 2022 අංක 1 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත ඊයේ (14) දින සිට බලාත්මක කෙරේ.

Exit mobile version