මහබැංකුව විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේ දී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමා ඉවත් කිරීමට තීරණය කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේ දී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව පවසා ඇත.

ව්‍යාපාරිකයන් සහ ආනයනකරුවන් දැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරි හය මාසය සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේ.

Exit mobile version